Trending Newsඑසැන පුවත්දේශීය

පළාත් පාලන ආයතන සඳහා බරවාහන මිලට ගැනීමේ තීරණයක්

පළාත් පාලන ආයතන සඳහා අවශ්‍ය බරවාහන අලුතින් මිලදී ගැනීමට රජය තීරණය කර තිබේ.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න සඳහන් කළේ ඇතැම් පළාත් පාලන ආයතනවල ග්‍රාමීය සංවර්ධනය සදහා අවශ්‍ය බැකෝ වැනි යන්ත්‍ර එලෙස මිල දී ගැනීමට නියමිත බවය.

බොහෝ පළාත් පාලන ආයතන සතුව එවැනි යන්ත්‍ර මේ වන විට නොමැති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

එමෙන්ම පවතින යන්ත්‍ර භාවිතයට ගැනීමට නුසුදුසු තත්ත්වයේ පවතින බවට හඳුනාගෙන ඇති බැවින් අදාළ පළාත් පාලන ආයතන සඳහා අවශ්‍ය බරවාහන අලුතින් මිලදී ගැනීමට කටයුතු කරන බවද අමාත්‍ය චන්දන අබේරත්න වැඩිදුරටත් පැවසුවේය.

Related posts

උද්ධමනයට වෙන දේ ගැන මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

Editor O

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුර වෛද්‍යවරයෙක්ට

Editor O

கட்சித் தலைவர்கள் இன்று கூடுகின்றனர்..!

Mohamed Dilsad

Leave a Comment