Trending Newsඑසැන පුවත්දේශීය

ශෂීන්ද්‍ර රාජපක්ෂට එරෙහි නඩුවට අධිකරණය දුන් නියෝගය

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත් කර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා  ලබන 29 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කර ඇත.

අරගලකරුවන් විසින්  මහවැලි ඉඩමක ඉදිකර තිබූ සිය දේශපාලන කාර්යාලය ගිනි තබා විනාශ කිරීම හේතුවෙන් නීතියට පටහැනි ලෙස රුපියල්  8,850,000/-ක මුදලක් වන්දි වශයෙන් ලබා ගැනීම තුළින් දූෂණ විරෝධී පනත යටතේ “දූෂණය” නමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිද බන්ධනාගාර ගතකර තිබුණි.

Related posts

NAITA நிறுவனத்தின் புதிய தலைவராக ஹபீஸ் நசீர்…

Mohamed Dilsad

49 knives recovered from mosque in Maskeliya

Mohamed Dilsad

Iraq protests threaten to ‘paralyze’ oil industry in Basra

Mohamed Dilsad

Leave a Comment