Trending Newsඑසැන පුවත්දේශීය

ජාතික රෝහලට විශේෂ ආරක්ෂාවක්

කොළඹ ජාතික රෝහලට සහ ඒ අවට ප්‍රදේශයේ ආරක්ෂාව අද (26) උදෑසන සිට තරකර ඇති අයුරු ‘අද දෙරණ’ කැමරාවේ මෙලෙස සටහන් වුණි.

රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ සිද්ධියකට අදාළව පොදු දේපළ පනත යටතේ වන චෝදනා මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් පසුගිය 22 වන දින අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළේය.

එහෙත් ඒ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින් එදින ඔහු බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරුණු අතර වෛද්‍ය නිර්දේශ මත ඊට පසුදින ඔහු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරුණි.

ඒ අනුව මේ වන විටත් හිටපු ජනාධිපතිවරයා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.

Related posts

අතුරුදන්වූවන්ට යුක්තිය ප්‍රමාද ඇයි…?

Editor O

පාර්ලිමේන්තු මන්ත්‍රි M.H.A හලීම්ටත් කොරෝනා

Mohamed Dilsad

அனைத்து இனத்தவர்களுக்கும் தங்கொட்டுவ சந்தையில் வர்த்தகம் செய்ய அனுமதிக்கவும்

Mohamed Dilsad

Leave a Comment