Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගැන, අධිකරණයේදී අනාවරණය වූ කරුණු

හිටපු ජනපතිවරයා හත්වසරක සිට හෘද රෝගී තත්ත්වයකින් පෙළෙන බව විදෙස් සංචාරයකදී රජයේ මුදල් අවභාවිත කළ බවට එල්ල වූ චෝදනා  සම්බන්ධයෙන් කරුනු දැක්වමින් ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේය.

ප්‍රේමරත්න මහතා වැඩිදුරටත් මෙසේද කියා සිටියේය. “ස්වාමීනි මේ සැකකරුගේ සෞඛ්‍ය තත්ත්වය ගැන මම පැහැදිලි කිරීමක් කරන්න කැමතියි. මොහු වසර 7ක ඉඳලා හෘද රෝගී තත්ත්වයකින් පෙළෙනවා. ඒ වගේම ඔහුට පාලනය කළ නොහැකි දියවැඩියා තත්ත්වයක් තියෙනවා. ඔහුට අධිරුධිර පීඩනයත් තියෙනවා. ඊට අමතරව වෙනත් රෝග කිහිපයකටත් ඔහු ප්‍රතිකාර ලබනවා. මේ අවස්ථාව සුවිශේෂි නිසා ස්වාමීන් මෙතෙක් ශ්‍රී ලංකාවේ කවුරුත් දැනගෙන හිටිය නැති සුවිශේෂි කරුණක් මම අධිකරණයට ඉදිරිපත් කරන්න කැමතියි. ඒක තමයි මොහුගේ භාර්යාව පිළිකා රෝගයකින් සහ ආතරයිටීස් රෝගයකින් පෙළෙනවා කියන දේ. රටම දන්නා කරුණක් තමයි මොවුන්ට දරුවන් නැහැ. ඒ නිසා ඇයව ධෛර්යමත් කරන්න ඉන්නේ මොහු විතරයි. ඔවුන්ට ඉන්නේ ඔවුන් විතරයි. එයත් සුවිශේෂි කරුණක් ලෙස සලකන්න. ඒ වගේම බන්ධනාගාරය කියන්නේ හිටපු ජනාධිපති කෙනෙක්ට විශේෂ ආරක්ෂාව තියෙන තැනක් නෙවෙයි. ඒ වගේම මම සඳහන් කරන්න කැමතියි මොහුට අනිද්දා දිනයේ ඉන්දියාවේ පැවැත්වෙන කොමන් වෙල්ත් යූත් කවුන්සිල් එකට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙන්න තියෙනවා. මේ සියලු කරුණු සලකා බලා පොදු දේපළ පනත යටතේ වන සුවිශේෂි කරුණු සේ සලකා බලා මොහුව ඇප මත මුදා හරින්න කියලා මම අධිකරණයෙන් ඉල්ලා සිටිනවා.

Related posts

இன்றைய வானிலை…

Mohamed Dilsad

Royal celebration of Bradby spirit as Summa Navaratnam turns 94

Mohamed Dilsad

අන්තරේ අද කොළඹ ට

Mohamed Dilsad

Leave a Comment