Trending Newsඑසැන පුවත්දේශීය

වර්ජනය අතහැර සාකච්ඡා කරන්නේ නැහැ – තැපැල් වෘත්තීය සමිති පෙරමුණ

වර්ජනය අත්හැර කිසිදු සාකච්ඡාවකට තැපැල් වෘත්තීය සමිති සූදානම් නැතැයි තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය..

මේ දක්වාත් විෂය භාර අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් ලබාදී නොමැති බව සඳහන් කළ චින්තක බණ්ඩාර මහතා පෙන්වා දෙන්නේ, වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අත්හැර සාකච්ඡාවකට පැමිණෙන ලෙස තැපැල්පතිවරයා සහ විෂය භාර අමාත්‍යවරයා ඉල්ලීමක් කර ඇති බවය.

කෙසේ වෙතත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත්හැර කිසිදු සාකච්ඡාවකට, තැපැල් වෘත්තීය සමිති සූදානම් නැති බව තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේය.

මේ වනවිටත් ලක්ෂ 17කට ආසන්න තැපැල් මලු ප්‍රමාණයක් තැපැල් ස්ථාන ආශ්‍රිතව ගොඩගැසී ඇති බවද හෙතෙම කීවේය.

Related posts

ප්‍රදේශ රැසකට වැසි

Mohamed Dilsad

හිටපු අමාත්‍ය රිශාඩ් අත්අඩංගුවට ගන්නැයි නීතිපතිගෙන් උපදෙස්

Mohamed Dilsad

ශ්‍රී ලංකාව හදිසි නීතිය අවභාවිත කරනවා

Mohamed Dilsad

Leave a Comment