දේශීය

ශ්‍රී ලංකාව හදිසි නීතිය අවභාවිත කරනවා

(UTV | කොළඹ) – රටේ ආර්ථික අර්බුදයට දේශපාලන ප්‍රතිසංස්කරණ සහ වගවීම අපේක්ෂා කරන ක්‍රියාකාරීන්ට හිරිහැර කිරීමට සහ අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීමට ශ්‍රී ලංකා රජය හදිසි නීති රෙගුලාසි භාවිත කරන බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් හියුමන් රයිට්ස් වොච් ප්‍රකාශ කර ඇත්තේ, 2022 ජූලි 21 වන දින රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන් දා සිට උද්ඝෝෂකයන්, සිවිල් සමාජ ක්‍රියාකාරීන්, නීතිඥයන් සහ මාධ්‍යවේදීන් බිය ගැන්වීම්, සෝදිසි කිරීම් සහ අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම් හරහා විරෝධතා මැඩලීමට පොලිසිය සහ හමුදාව උත්සාහ කරමින් සිටින බවයි.

මේ අතර ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශේෂ නියෝජිතවරියක වන මේරි ලෝලර් (Mary Lawlor) ප්‍රශ්න කර ඇත. පොලිසිය පෙරේදා (04) ජෝසප් ස්ටාලින් අත්අඩංගුවට ගනු ලැබුවේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණයක් සංවිධානය කිරීමේ චෝදනාව යටතේය.

Related posts

අරලියගහ මන්දිරයේ විශේෂ සාකච්ඡාවක් හෙට

Mohamed Dilsad

මිනිස්සු බඩගින්නේ මැරෙනවා – දේශපාලනඥයෝ ඇනකොටා ගන්නවා

Mohamed Dilsad

අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ඥානසාර හිමිට

Mohamed Dilsad

Leave a Comment