දේශීය

ප්‍රදේශ රැසකට වැසි

අද (05) දිනයේ නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

මේ අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.

 

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි. මී 50ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකිය.

 

උතුරුමැද පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවීමේ ඉඩකඩ පවතී.

 

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Related posts

පෙට්‍රල් මිල පහළ ට – ගෑස් මිල ඉහළ ට

Editor O

කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීමට යොදාගත් හැකි නව මෘදුකාංගයක්

Mohamed Dilsad

අසාද් සාලි නිදහස් කෙරෙයි

Mohamed Dilsad

Leave a Comment