දේශීය

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් තවත් සාකච්ඡාවක්

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලට සමගාමීව විදුලිබල මණ්ඩලයේ ඉහළ පාලනාධිකාරිය දැනුවත් කිරීමට සහ යෝජනා ලබා ගැනීමට පියවර ගෙන තිබේ.

 

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාව සඳහා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටු සාමාජිකයන්, විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා, සාමාන්‍යධිකාරීවරයා, අතිරේක සාමාන්‍යධිකාරීවරුන් සහ ප්‍රධාන මූල්‍ය කළමනාකරු ඇතුළු ඉහළ නිලධාරීන් සහභාගී වී ඇති බවට වාර්තා වෙයි.

 

මෙහිදී නව නීති කෙටුම්පත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර සිදුකළ හැකි ප්‍රතිව්‍යුහගත සැලසුම් පිළිබඳව අවධානය යොමුකර ඇත.

 

ඉන් පළමු කොටස ලෙස විදුලිය බෙදාහැරීමට අදාළව වෙන්කර ඇති කලාපවල වෙන් වූ ගිණුම් සහ කටයුතු පවත්වාගෙන යාම සිදුකිරීමට අදාළ අවශ්‍යතා සම්පූර්ණ කිරීම සිදුකෙරෙනු ඇති.

 

එමෙන්ම ප්‍රතිව්‍යුගත කිරීමට අත්‍යවශ්‍ය වන මානව සම්පත් කළමනාකරණයට, වත්කම් කළමනාකරණයට සහ මුල්‍ය කළමනාකරණයට අවශ්‍ය විගණනයන් කඩිනම් කිරීමටත් තීරණය කර තිබේ.

 

මීට අමතරව මෙහිදී තාක්ෂණය වැඩි වශයෙන් මෙම වැඩපිළිවෙලට යොදා ගැනීමට මෙන්ම කාර්යක්ෂමතාවය වැඩි කිරීමටත් පිරිවැය අඩු කිරීමට ඉවහල් වන යෝජනා පිළිබඳවත් සාකච්ඡා කර ඇති බව සඳහන් වෙයි.

 

මේ අතර විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයට පොදුවේ ප්‍රතිව්‍යුහගත කිරීමක් අත්‍යවශ්‍ය බව ඉහළ පාලනාධිකාරිය විසින් මෙහිදී අමාත්‍යවරයාට පෙන්වා දී තිබේ.

 

 

Related posts

පොහොර නෞකාවක් හෙට රාත්‍රියේ දිවයිනට

Mohamed Dilsad

මහින්දගේ සහ බැසිල්ගේ විදෙස් ගමන් තහනම ඉවතට

Mohamed Dilsad

කුමන ආණ්ඩුව ආවත් 2048 දක්වා ණය ගෙවීමක්

Mohamed Dilsad

Leave a Comment