දේශීය

කැළණිවැලි මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

(UTV | කොළඹ) – දුම්රියක් පීලිපැනීම හේතුවෙන් කැළණිවැලි මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවිය හැකි බව පාලක මැදිරිය ප්‍රකාශ කරයි.

පන්නිපිටිය සහ කොට්ටාව අතර පොහොරගොඩැල්ල ප්‍රදේශයේදී හෝමාගම සිට කොටුව බලා ධාවනය වූ දුම්රියක් අද (03) දහවල් මෙලෙස පීලිපැනීමට ලක්ව තිබේ.

පාලක මැදිරිය සඳහන් කරණ ආකාරයට එය පීලිගත කිරීමේ කටයුතු මේ වනවිටත් ආරම්භ කර ඇත.

මේ හේතුවෙන් අද දහවල් අවිස්සාවේල්ලේ සිට කොටුව බලා පැමිණ , පසුව පාදුක්ක බලා ධාවනය වීමට නියමිත දුම්රිය ප්‍රමාද විය හැකි බව පාලක මැදිරිය තවදුරටත් කියා සිටියි.

Related posts

මිනින්දෝරු නිලධාරීන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක

Mohamed Dilsad

රනිල් අත්අඩංගුවට ගැනීම ගැන චන්ද්‍රිකාගෙන් දැඩි විරෝධයක්

Editor O

ගෝඨාභය ජනාධිපති සමයේ ජාතික පාසල් ලෙස නම් කළ පාසල් 671ක් සාමාන්‍ය පාසල් බවට පහළ දමයි

Editor O

Leave a Comment