දේශීය

මිනින්දෝරු නිලධාරීන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක

රජයේ මිනින්දෝරු නිලධාරීන් ලෙඩ නිවාඩු වාර්තා කරමින් අද (26) දිනයේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ.

 

ඉඩම් අමාත්‍යවරයාගේ අත්තනෝමතික ක්‍රියා කළාපයට විරෝධය පළ කරමින් එම ක්‍රියාමාර්ගය ආරම්භ කළ බව රජයේ මිනින්දෝරු සංගමයේ සභාපති දුමින්ද උඳුගොඩ මහතා සඳහන් කළේය.

 

“මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ මේ වනවිට උද්ගතවෙලා තියෙන භෞතික මානව හා සම්පත් ගැටලුවට මේ වනවිට විසඳුම් ඉල්ලලා, ඒ වගේම මිනින්දෝරු වෘත්තීය පැත්තෙන් ගත්තහම උද්ගතවෙලා තියෙන ගැටලු රාශියක් තියෙනවා ඒවට විසඳුම් ලබාදෙන්න කියලා ඉල්ලා සිටිනවා. මේ වෙලාවේ රටේ මුදල් නෑ නෑ කියලා කියන අතරේ මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ මැනුම් වැඩ පුද්ගලික අංශයට ලබාදෙමින් අකටයුතුකම් රැසක් සිදුකරමින් පවතිනවා. අද අපි ලෙඩ නිවාඩු වාර්තා කළා. මේ ගැන අපි සතියකට කලින් අමාත්‍යවරයා සහ අමාත්‍යාංශ ලේකම්ව දැනුවත් කරා. නමුත් මේ වනතුරුත් කිසිම පිළිතුරක් නෑ. මේකටත් පිළිතුරු නැත්නම් නැවතත් අපි අගෝස්තු 2 වනදා ලෙඩ නිවාඩු වාර්තා කරනවා. කොළඹ දී උද්ඝෝෂණයක් පවත්වනවා.”

 

 

Related posts

පක්ෂ ලේකම්වරු සහ මැතිවරණ කොමිසම අතර අද සාකච්ඡාවක්

Mohamed Dilsad

පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රචාරක කටයුතු අවසන් කළ යුතු දිනය මෙන්න

Editor O

පශු වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් රතු එළියක්

Mohamed Dilsad

Leave a Comment