දේශීය

මිනින්දෝරු නිලධාරීන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක

රජයේ මිනින්දෝරු නිලධාරීන් ලෙඩ නිවාඩු වාර්තා කරමින් අද (26) දිනයේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ.

 

ඉඩම් අමාත්‍යවරයාගේ අත්තනෝමතික ක්‍රියා කළාපයට විරෝධය පළ කරමින් එම ක්‍රියාමාර්ගය ආරම්භ කළ බව රජයේ මිනින්දෝරු සංගමයේ සභාපති දුමින්ද උඳුගොඩ මහතා සඳහන් කළේය.

 

“මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ මේ වනවිට උද්ගතවෙලා තියෙන භෞතික මානව හා සම්පත් ගැටලුවට මේ වනවිට විසඳුම් ඉල්ලලා, ඒ වගේම මිනින්දෝරු වෘත්තීය පැත්තෙන් ගත්තහම උද්ගතවෙලා තියෙන ගැටලු රාශියක් තියෙනවා ඒවට විසඳුම් ලබාදෙන්න කියලා ඉල්ලා සිටිනවා. මේ වෙලාවේ රටේ මුදල් නෑ නෑ කියලා කියන අතරේ මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ මැනුම් වැඩ පුද්ගලික අංශයට ලබාදෙමින් අකටයුතුකම් රැසක් සිදුකරමින් පවතිනවා. අද අපි ලෙඩ නිවාඩු වාර්තා කළා. මේ ගැන අපි සතියකට කලින් අමාත්‍යවරයා සහ අමාත්‍යාංශ ලේකම්ව දැනුවත් කරා. නමුත් මේ වනතුරුත් කිසිම පිළිතුරක් නෑ. මේකටත් පිළිතුරු නැත්නම් නැවතත් අපි අගෝස්තු 2 වනදා ලෙඩ නිවාඩු වාර්තා කරනවා. කොළඹ දී උද්ඝෝෂණයක් පවත්වනවා.”

 

 

Related posts

10 සහ 12 ශ්‍රේණිවලට සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ නිර්දේශ කරමින් වාර්තාවක්

Mohamed Dilsad

මහමැතිවරණයට අදාළ මාර්ගෝපදේශ මැතිවරණ සභාපති වෙත

Mohamed Dilsad

පූර්ණ එන්නත්කරණයට ලක්වූවන්ගේ ඩිජිටල් කාඩ්පත සැප්තැම්බර් මාසයේදී

Mohamed Dilsad

Leave a Comment