Trending Newsඑසැන පුවත්දේශීය

අරුගම්බේ ප්‍රහාර අවධානම ගැන ආණ්ඩුව දැන සිටියානම්, විදේශ තානාපති කාර්යාල අවධානම් නිවේදන නිකුත් කරන තෙක් කිසිවක් නොකළේ ඇයි ?- හිටපු ඇමති කංචන විජේසේකර

ආරුගම්බේ සංචාරක කලාපයට ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක් තිබෙන බවට මීට පෙර බුද්ධි තොරතුරු ලැබුණු බවට පොලීසිය සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් හිටපු බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රශ්න කරමින් ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබේ.

මෙම ප්‍රහාර අවදානම සම්බන්ධයෙන් අමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කරන තෙක් පූර්ව ආරක්ෂක ක්‍රියා මාර්ග නොගත්තේ මන්දැයි කංචන විජේසේකර මහතා ප්‍රශ්න කරයි.

කංචන විජේසේකර මහතා නිකුත් කළ ට්විටර් පණිවිඩයේ මෙසේ ද සඳහන්. වැඩබලන පොලිස්පති පැවසූ පරිදි ආරුගම්බේ ප්‍රදේශයට ප්‍රහාරයක් එල්ළවිය හැකි බවට පසුගිය ඔක්තෝබර් මස 07 වැනිදා ශ්‍රී ලංකා රජයට බුද්ධි තොරතුරු ලැබී තිබුණේ නම් ඒ සම්බන්ධයෙන් ආරක්ෂක ප්‍රධානීන් රැස්වී සාකච්ඡා කර පරීක්ෂා කිරීමෙන් අනතුරුව පූර්ව ආරක්ෂක ක්‍රියා රැසක් ගැනීමට හැකියාව තිබිණ. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය මගින් එහි පුරවැසියන්ට ආරක්ෂාව පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරන තෙක් ශ්‍රී ලංකා රජය ඒ පිළිබඳ මුනිවත රැකීම ප්‍රශ්න කළ යුතු ය. මෙහීදි සියල්ලන්ටම පැහැදිලි කරුණක් වූයේ විදේශීය රටවල් මගින් ආරක්ෂිත සංචාරක උපදෙස් නිකුත් කරන තෙක්ම කිසිදු සංචාරක කලාපයක ආරක්ෂක නිලධාරීන් හෝ රජයේ සන්නද්ධ කණ්ඩායම් සිට නැත. අනෙක් වැදගත් කරුණ වන්නේ රජය පවසන පරිදි ඔවුන්ට ලැබුණු බුද්ධි තොරතුරු මත රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් කැඳවා ශ්‍රී ලංකාවේ ආරක්ෂිත තත්ත්වය සහ රජය මගින් ගන්නා ඉදිරි තීන්දු තීරණ පිළිබඳව ඔවුන්ව දැනුවත් නොකළේ ඇයි දැයි ගැටළුවකි. ජාතික ආරක්ෂාව පිළිබඳ කිසිසේත්ම සුළුකොට තැකිය නොහැකි අතර සංචාරක කර්මාන්තය අප රටේ ආර්ථිකය ශක්තිමත් කරන ප්‍රධානතම මාර්ගය බව අප සිහි තබාගත යුතුයි. ශ්‍රී ලංකා රජය මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් දැනුවත්ව සිටියා නම් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් කැඳවා ඔවුන්ව දැනුවත් කර පූර්වාරක්ෂක ක්‍රියාමාර්ග ගෙන විදේශීය රටවල් මඟින් මෙවැනි ආකාරයේ අනතුරු ඇඟවීම් නිකුත් කිරීම මඟහැරවා ගැනීමට හැකියාව තිබිණ.

එම නිසා වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දැන්වත් විදේශ අමාත්‍යවරයා සමග එක්ව රාජ්‍ය තාන්ත්‍රික නිළධාරීන් සහ ආරක්ෂක ප්‍රධානීන් කැඳවා රටේ වත්මන් ආරක්ෂක තත්ත්වය සහ යම් බලපෑමක් එල්ල වුවහොත් ඒ පිළිබඳව ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග ගැන ඔවුන් දැනුවත් කර දැනට පැනවී ඇති විදේශීය අවවාදාත්මක නිවේදන ඉවත් කරගැනීමට කටයුතු කළ යුතුයි..

Related posts

White House: Trump ‘will not participate in impeachment hearing’

Mohamed Dilsad

සරත් ෆොන්සේකා ජනාධිපතිවරණයට ඇප තියයි.

Editor O

Edgar Ramirez in talks for “American Crime”

Mohamed Dilsad

Leave a Comment