Trending Newsඑසැන පුවත්දේශීය

රටේ ජනතාවට අවබෝධයෙන් බොරු කියලා, අපි කෙරෙහි වැරදි චිත්‍රයක් මවලා – නාමල් රාජපක්ෂ

රටේ ජනතාවට අවබෝධයෙන් බොරු කියලා, අපි කෙරෙහි වැරදි චිත්‍රයක් මවා ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට, පැය දෙක හමාරකට පමණ කාලයක් ගත කරමින් ප්‍රකාශයක් ලබාදී අද (24) මධ්‍යාහ්නයට ආසන්නයේ පිටව යන අවස්ථාවේ මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමීන් එසේ පැවසීය.

නාමල් රාජපක්ෂ මහතා මෙසේ ද පැවසීය. සාමාන්‍යයෙන් අපේ රටේ දේශපාලන සංස්කෘතිය තමා ආණ්ඩු මාරු වෙනකොට අනෙක් ආණ්ඩුවේ හිටිය අයව ගෙන්නලා ප්‍රශ්න කරනවා. එන්න කිව්වහම අපි එනවා. රටේ ජනතාවට අවබෝධයෙන් බොරු කියලා, අපි කෙරෙහි වැරදි චිත්‍රයක් මවලා තියෙනවා. අපි ඇවිල්ලා සහයෝගය ලබාදෙනවා. අද නම් එන්න කියලා තියෙන්නේ, 2010 – 2015 කාලයේ දී මගේ කාර්යාලයට ඇවිල්ලා මහත්තයෙක් සල්ලි දීලා ගිහින්. නිර්නාමික පැමිණිල්ලක්. ඒ පැමිණිල්ලට අනුව මුදල් ගෙනල්ලා මගේ කාර්යාලයේ තියලා ගිහින්. ඒ ගැන මගෙන් අහනවා.

ඔය වගේ පැමිණිලි දහස් ගණනක පහුගිය යහපාලන ආණ්ඩුව කාලයේ දී ඇවිත් උත්තර දුන්නා. රිමාන්ඩ් වුණා. අධිකරණයේ නඩු පවරලා තිබුණා. නිදොස් කොට නිදහස් වුණා. ඒ නිසා පැහැදිලිවම ඇවිල්ලා මේවට සහයෝගය ලබාදෙනවා. අපි ආණ්ඩුවෙනුත් ඉල්ලන්නේ මේ විදියටම උගන්ඩාව හා ෂීෂෙල් සම්බන්ධයෙන් අපිව ගෙන්නලා අවබෝධයෙන් බොරු කිව්ව අයගෙත් කටඋත්තර ලියාගෙන ලෝකයේ මේවා තියෙන තැන් දන්නවා කියන අය, චෙක් දැක්කා කියන අයවත් ගෙනල්ලා සාක්ෂි සඳහන් කරලා පරීක්ෂණ කරන්න. ඒ වගේම මම ගෞරවයෙන් ඉල්ලනවා අපිව පාවිච්චි කරලා, දේශපාලන දඩයම පටන් ගෙන ඔන්න අපි රාජපක්ෂලා හිරේ දාන්න ලෑස්ති කරලා තියෙන්නේ, ඔන්න අධිකරණයට ගෙනාවා, ඔන්න ප්‍රශ්න කරා, ඔන්න කටඋත්තර දුන්නා පැය 10ක් ප්‍රශ්න කරා කියලා ජනතා ප්‍රශ්න යට ගහන්න එපා යැයි ද කීවේය.

Related posts

160 Passenger Coaches to be supplied from India to Sri Lanka Railways under Concessional Financing

Mohamed Dilsad

Paul Farbrace turns down offer to become Bangladesh ‘Head Coach’

Mohamed Dilsad

බූරු මුණා ට පනින්න උදව් කළ තවත් 4ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment