Trending Newsඑසැන පුවත්දේශීය

ගෝඨාභය ජනාධිපති සමයේ ජාතික පාසල් ලෙස නම් කළ පාසල් 671ක් සාමාන්‍ය පාසල් බවට පහළ දමයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සමයේ දී ආරම්භ කළ පළාත් පාසල් 671ක් ජාතික පාසල් බවට උසස් කිරීමේ ව්‍යාපෘතිය අහෝසි කිරීමට රජය තීරණය කර තිබේ. 

එම ව්‍යපෘතිය වෙනුවෙන් එක් පාසලක් සඳහා රුපියල් මිලියන 02 බැගින් රුපියල් කෝටි එකසිය 134කට අධික මුදලක් ලබා දුන් අතර එම ප්‍රතිපාදන යොදවා පාසලේ නව නාමපුවරුව සකස් කිරීම හා හදිසි ප්‍රතිසංස්කරණ කටයුතුවලට යොදවන ලෙස උපදෙස් දී තිබිණි.

එම උපදෙස් අනුව අදාළ පාසල් කඩිනමින් ජාතික පාසල් නාමපුවරුව සකස් කර ගත් අතර ඒ සඳහා රුපියල් ලක්ෂ පහේ සිට ඊට වැඩි මුදලක් වැය කර තිබිණි. එම නාම පුවරු සියල්ල ගලවා ඉවත් කරන ලෙස මේ වනවිට දැනුම් දෙනු ලැබ තිබේ. 

එමෙන්ම මින් ඉදිරියට ජාතික පාසල් නාමය, ඊට අදාළ ලිපි ශීර්ෂ සහ නිලමුද්‍රා ආදිය කඩිනමින් ඉවත් කරන ලෙසට ද උපදෙස් දෙනු ලැබ ඇත. මෙම තත්ත්වය නිසා නැවතත් පැරැණි නාමය යටතේ ලිපි ශීර්ෂ, නිලමුද්‍රා ආදිය අලුතින් සකස් කර ගැනීමට එම පාසල්වලට සිදු වී ඇත.

මෙම ව්‍යාපෘතිය ආරම්භ කළේ දැනට පවතින ජාතික පාසල් 329 දහසක් දක්වා වැඩි කිරීම සඳහාය. ව්‍යාපෘතිය යටතේ බස්නාහිර පළාතේ ජාතික පාසල් බවට පත්කර ඇත්තේ පාසල් 05ක් පමණි. 

එවකට අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස කටයුතු කළ මහාචාර්ය කපිල පෙරේරා වත්මන් ආණ්ඩුවේ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරයි.

-අරුණ-

Related posts

நாட்டின் வானிலையில் ஏற்படவுள்ள மாற்றம்!!

Mohamed Dilsad

ජනාධිපති ට කොළඹ අවටින් නිවසක් සොයයි …? – හිටපු පළාත් සභා මන්ත්‍රී වරුණ රාජපක්ෂ

Editor O

Open warrant issued against Jaliya Wickramasuriya

Mohamed Dilsad

Leave a Comment