Trending Newsඑසැන පුවත්දේශීය

තල් සංවර්ධන මණ්ඩලය ට ජනාධිපති පත්කළ දෙවෙනි සභාපතිවරයාටත්, කාර්යය මණ්ඩලයෙන් විරෝධයක්

ජනාධිපතිවරයා විසින් තල් සංවර්ධන මණ්ඩලයේ නව සභාපතිවරයා වශයෙන් පත් කළ පුද්ගලයා දූෂිත පුද්ගලයෙකු බව කියමින් තල් සංවර්ධන මණ්ඩලයේ යාපනය කාර්යාලයේ කාර්යය මණ්ඩලය ඊයේ (06) යාපනයේදී විරෝධතාවයක නිරත වූහ.

තල් සංවර්ධන මණ්ඩලය සඳහා එක් සතියක් ඇතුළතදී සභාපතිවරු දෙදෙනෙකු පත් කිරීමට ජනාධිපතිවරයාට සිදු වූ අතර දෙවනි වරට පත්කරන ලද තැනැත්තා දූෂිත පුද්ගලයෙකු මෙන්ම සමාජ විරෝධී ක්‍රියා ගණනාවකට සම්බන්ධ අයෙකු බවද යාපනයේ තල් සංවර්ධන මණ්ඩලයේ කාර්යය මණ්ඩලය සඳහන් කරති.

ඔහුට එම තනතුර දැරීමට කිසිම සුදුසුකමක් නොමැති නිසා වහාම ජනාධිපතිවරයා විසින් ඔහුව ඉවත් කළ යුතු බව කියමින් විරෝධාතාවයක නිරත වූ තල් සංවර්ධන මණ්ඩලයේ යාපනයේ සේවක සේවිකාවන් මේ ගැන තොරතුරු සඳහන් කරමින් ජනාධිපතිවරයාට ලිපියක්ද යවා ඇත.

දෙවනි වරට තල් සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් පත් කළ පුද්ගලයාගේ ජීවිතයේ ඉතිහාසය සොයා බලන ලෙසත් ඔහුගේ සමාජ භූමිකාව ගැන සොයා බලා කටයුතු කරන  ලෙසත් එම ලිපියේ සඳහන් කොට ඇත. මෙම පත්වීම් මැතිවරණ ක්ෂේත්‍රය තුළත් ආන්දොලනයට ලක් වූයේය. මෙම පත්වීම් සම්බන්ධයෙන් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය, මැතිවරණ කොමිෂන් සභාවටත් පැමිණිලි කර තිබේ.

තල් සංවර්ධන මණ්ඩලයේ සභාපති ධුරයට පසුගිය ඔක්තෝබර් 10 වැනිදා සෙල්වින් ඉරේනියස් මරියම්පිල්ලෙයි පත්කර තිබුණු අතර ඊට දින 12කට පසුව ඔක්තෝබර් 22 වැනි දින ඔහුව ඉවත් කොට විනයාගමූර්ති සහදේවන් එම තනතුරට පත්කර ඇති  බවත් මෙලෙස ප්‍රධානීන් වෙනස් කිරීම සහ නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් කිහිපදෙනෙක් පත් කිරීම මැතිවරණ කොමිෂන් සභාව  පනවා ඇති සීමාවන් නොතකා විෂයභාර අමාත්‍යවරයා ක්‍රියා කිරීමක් බවත් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනය මැතිවරණ කොමිසමට දන්වා සිටියේය. කෙසේ වෙතත් මේ වනවිට තල් සංවර්ධන මණ්ඩලයේ දෙවැනි පත් කිරීමටත් විරෝධතා මතු වී තිබේ.

Related posts

சமாதானம் நிலவும் நாடுகளின் வரிசையில் இலங்கைக்கு 2 ஆவது இடம்

Mohamed Dilsad

AG appoints Special Committee of Senior State Counsels to study Delimitation Gazette

Mohamed Dilsad

அமித் வீரசிங்க தொடர்ந்தும் விளக்கமறியல்

Mohamed Dilsad

Leave a Comment