Trending Newsඑසැන පුවත්දේශීය

නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකරට එරෙහි විශ්වාසභංගය ගැන, විපක්ෂයේ පක්ෂ නායකයෝ විශේෂ සාකච්ඡාවක

නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව නීතියට අනුව සකස් කර ඇති බවත් එය කිසිදු ගැටළුවකින් තොරව විවාදයට ගත හැකි බවත් විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමේදී තහවුරුවී ඇත.

ඔවුන් මෙම තීරණයට එළඹ ඇත්තේ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාංගයේදී අද (20) දහවල් පැවැති විශේෂ රැස්වීමකදීය.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට විපක්ෂයේ පක්ෂ නායකයින් සහ පක්ෂ නියෝජිතයින් රැසක් සහභාගී වූහ.

මෙම විශ්වාස භංග යෝජනාව නීති උපදෙස් අනුව සකසා ඇති බවත් ඒ පිළිබඳව ආණ්ඩුව ගෙනයන ප්‍රචාරය අසත්‍ය බවත් පක්ෂ නායකයෝ එහිදී ප්‍රකාශ කළහ.

එබැවින් මෙම විශ්වාස භංග යෝජනාව කිසිදු ගැටලුවකින් තොරව විවාදයට ගත හැකි වුවත් ආණ්ඩුව හිතා මතාම, එය විවාදයට නොගෙන නොගන්නා බව පක්ෂ නායකයෝ සඳහන් කළහ.

පාර්ලිමේන්තු නීතිය සහ ස්ථාවර නියෝග අනුව අදාළ සියලු කරුණු සපුරා ඇති බැවින් මෙම විශ්වාසභංග යෝජනාව මඟහැරීමට ආණ්ඩුවට නොහැකි බව සාකච්ඡාවට එක් වූ පක්ෂ නායකයෝ අවධාරණය කළහ.

අරුණ ජයසේකර නියෝජ්‍ය අමාත්‍යවරයා ජනාධිපතිවරයා විදේස්ගතවූ අවස්ථාවල වැඩබලන ආරක්ෂක ඇමතිවරයා වශයෙන් කටයුතු කර ඇති බවත් එම නිසා ඔහු කැබිනට් අමාත්‍යවරයෙකු වශයෙන්ද ක්‍රියාකර ඇති බව මෙහිදී පෙන්වා දී තිබේ.

නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර, ආරක්ෂක නියෝජ්‍ය ඇමතිවරයා ලෙස පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරු ආරක්ෂාව සම්බන්ධව මතු කරන ප්‍රශ්න වලට ඔහු විසින් පිළිතුරු ලබාදෙන බවත් ඒ අනුව කැබිනට් ඇමතිවරයෙකුගේ වගකීම ඔහු විසින් ඉටුකර තිබෙන බවත් ඒ තත්ත්වය මත ඔහුට එරෙහිව විශ්වාස බංගයක් ගෙන ආ හැකි බවත් එහිදී වැඩිදුරටත් සාකච්ඡා වී තිබේ..

මෙම විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීම සම්බන්ධයෙන් කතානායකවරයා ගෙන් හෙට දිනයේ ප්‍රතිචාරයක් ලබා ගැනීම සඳහා තවදුරටත් ඒ සම්බන්ධව සාකච්ඡා කිරීමට නැවත හෙට දිනයේ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමක් පැවැත්විය යුතු බවටත් එහිදී තීරණය කර ඇත

Related posts

Former Minister Rishad never influence investigations” – Army Commander reaffirms

Mohamed Dilsad

Commanding Officer of FNS Auvergne calls on Commander of the Navy

Mohamed Dilsad

රජය විසින් එළවලු කිලෝ ලක්ෂ 5 ක් මිළදී ගනී

Mohamed Dilsad

Leave a Comment