Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

ලුණු මිලට වෙච්ච දේ…

ලංකා ලුණු සමාගම විසින් අයඩින් මිශ්‍ර ලක් ලුණු මිල ගණන් පහළ දමා තිබේ.

එම සංස්ථාවේ සභාපතිවරයා අද (20) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කළේය.

ඒ අනුව අයඩින් මිශ්‍ර ග්‍රෑම් 400 ලුණු කුඩු පැකට්ටුවක් රු 20කින් මිල පහළ දමා ඇති අතර, කිලෝග්‍රෑම් 1 ලුණු කුඩු පැකට්ටුවක මිල රුපියල් 30කින් පහළ දමා තිබේ.

ඒ අනුව ග්‍රෑම් 400 ලුණු කුඩු පැකට්ටුවක් රු 100ක මිලකට ද කිලෝග්‍රෑම් 1 ලුණු කුඩු පැකට්ටුවක් රුපියල් 200 මිලකට සහ කිලෝග්‍රෑම් 1 කැට ලුණු පැකට්ටුවක් රුපියල් 150ක වැනි මිලකට ලබන සතියේ සිට අලෙවි වනු ඇත.

මේ අතර සතොසෙන් සංස්ථා ලුණු කුඩු ග්‍රෑම් 400 පැකට්ටුවක් රු 90ක වැනි මිලකට ලබාගත හැකි බව ද සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

හම්බන්තොට මහලේවායේ, බුන්දල ලේවායේ සහ පලටුපාන ලේවායේ ලුණු අස්වනු නෙළීම මේ වනවිට ආරම්භ කර ඇති බැවින් ජනාතාවට සහනයක් සැලසීමේ අරමුණින් මෙලෙස මිල ගණන් පහළ දැමූ බව ද සභාපතිවරයා පැවසීය

Related posts

ජල පාරිභෝගිකයින් ට දැනුම්දීමක්

Mohamed Dilsad

Two Lankans conquer Africa’s highest peak

Mohamed Dilsad

மாத்தறை உள்ள வர்த்தக நிலையம் ஒன்றில் தீ விபத்து

Mohamed Dilsad

Leave a Comment