Trending Newsඑසැන පුවත්දේශීය

වෛද්‍යවරු ප්‍රමාණවත් නැහැ ; කළුතර මාතෘ රෝහල ආරම්භ කිරීම ගැටළු සහගත තැනකට

කළුතර දිස්ත්‍රික් මහ රෝහලේ මාතෘ රෝහල ගල්ලස්ස ප්‍රදේශයේ ආරම්භ කිරීම මේ වන විට අර්බුදයකට ලක්ව ඇති අතර වෛද්‍යවරුන්ගේ හිගය ප්‍රධාන හේතුවක් වී ඇත.

නිර්වින්දන වෛද්‍යවරුන් ප්‍රමාණවත් ප්‍රමාණයක් නොමැතිව රෝහල ආරම්භ කිරීමේදී දැඩි දුෂ්කරතා මතුවිය හැකි බව වාර්තා වන අතර මෙයට හිඟයක් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය අලුතින් වෛද්‍යවරුන් අනුයුක්ත කිරීමට කැමැත්තෙන් සිටියදී එහි නිර්වින්දන විෂය භාර විශේෂඥ වෛද්‍යවරිය සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආයතන ප්‍රධාන රැස්වීමකදී පවසා ඇත්තේ රෝහලේ සේවය කරන නිර්වින්දන වෛද්‍යවරුන්ට අතිකාල ලබා ගැනීමක් ඔවුන් සිදුකරන නිසා අතිකාල ලබාගන්නා කාලසීමාව තුළදී රාජකාරියේ නිරත වීමට උපදෙස් ලබාදීමට කටයුතු කරන ලෙසයි.

මේ අනුව මින් ඉදිරියට රෝහලේ නිර්වින්දන වෛද්‍යවරුන්ට අතිකාල ලබා ගැනීමට අවශ්‍ය වන්නේ නම් අති කාලකාල සීමාව රෝහල තුළ සක්‍රීයව රැඳී සිටීමට සිදුවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

රෝහලේ ප්‍රමාණවත් වෛද්‍යවරුන් නොමැති වීමද උපකරණ නිසි පරිදි ක්‍රියාත්මක තත්ත්වය නොමැති වීමද නිසා කළුතර මාතෘ හා ළමා රෝහලේ ආරම්භයද මොරටුව වෛද්‍ය පීඨයේ අවසන් වසර සිසුන්ට සායනික පුහුණු ආරම්භයද මේ වන විට අර්බුදයකට ලක්ව ඇත.

නිර්වින්දන වෛද්‍යවරුන්ට අති කාල කාලසීමාව තුළදී රෝහලේ රැඳී සිටීමට උපදෙස් ලබා යම් චක්‍රලේඛයක් නිකුත් වුවහොත් එය දිවයින පුරා සියලු වෛද්‍යවරුන්ට බලපෑමක් එල්ල කළ හැකි බව ආරංචි මාර්ග පවසයි.

Related posts

සංචරණ සීමා ජුනි 21 දක්වා දීර්ඝ කෙරේ

Mohamed Dilsad

2020 ஆம் ஆண்டு வரை நல்லாட்சி அரசாங்கத்தை அசைக்க முடியாது

Mohamed Dilsad

තවත් වනඅලි දෙදෙනෙක් දුම්රියක ගැටී මරුට

Mohamed Dilsad

Leave a Comment