දේශීය

තවත් වනඅලි දෙදෙනෙක් දුම්රියක ගැටී මරුට

අලි – මිනිස් ගැටුම පාලනය කිරීම සඳහා සැලසුම් සකස් කිරීම බලධාරීන් විසින් සාකච්ඡාවන්ට පමණක් සීමාකර ඇති බව ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලඇත්තන් පවසයි.

 

ඔහු ප්‍රකාශ කළේ මෙම අර්බුදය විසඳීම සඳහා භාවිත කරනු ලබන උපක්‍රම සහ සැලසුම් තුළ ගැටලුකාරී තත්ත්වයක් පවතින බවය.

 

මේ අතර වවුනියාව සෙට්ටිකුලම, ආඩියාපුලියන්කුලම ප්‍රදේශයේදී දුම්රියක ගැටී වනඅලි දෙදෙනෙකු මියගොස් තිබේ.

 

වවුනියාව වනජීවි කාර්යාලය පැවසුවේ වයස අවුරුදු 15ක් සහ 20ක් පමණ වන වනඅලි දෙදෙනෙකු දුම්රියේ ගැටී මියගොස් ඇති බවය.

 

මීට පෙර ද අදාළ ස්ථානය ආසන්නයේදී වනඅලි කිහිපදෙනෙකුම දුම්රියේ ගැටී මියයාමේ සිදුවීම් වාර්තා වු බවද ප්‍රදේශාවසීන් සඳහන් කරයි.

Related posts

ගෆූර් ගොඩනැගිල්ලකින් වැටී නාවික හමුදා සෙබළෙක් මරුට

Mohamed Dilsad

බස් ගාස්තු වැඩි කරන්න වෙනවා – ගැමුණු විජේසූරිය

Editor O

මගී ගුවන් ගමන් අත්හිටුවීමේ කාල සීමාව දීර්ඝ කෙරේ

Mohamed Dilsad

Leave a Comment