Trending Newsඑසැන පුවත්දේශීය

වෛද්‍යවරු ප්‍රමාණවත් නැහැ ; කළුතර මාතෘ රෝහල ආරම්භ කිරීම ගැටළු සහගත තැනකට

කළුතර දිස්ත්‍රික් මහ රෝහලේ මාතෘ රෝහල ගල්ලස්ස ප්‍රදේශයේ ආරම්භ කිරීම මේ වන විට අර්බුදයකට ලක්ව ඇති අතර වෛද්‍යවරුන්ගේ හිගය ප්‍රධාන හේතුවක් වී ඇත.

නිර්වින්දන වෛද්‍යවරුන් ප්‍රමාණවත් ප්‍රමාණයක් නොමැතිව රෝහල ආරම්භ කිරීමේදී දැඩි දුෂ්කරතා මතුවිය හැකි බව වාර්තා වන අතර මෙයට හිඟයක් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය අලුතින් වෛද්‍යවරුන් අනුයුක්ත කිරීමට කැමැත්තෙන් සිටියදී එහි නිර්වින්දන විෂය භාර විශේෂඥ වෛද්‍යවරිය සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආයතන ප්‍රධාන රැස්වීමකදී පවසා ඇත්තේ රෝහලේ සේවය කරන නිර්වින්දන වෛද්‍යවරුන්ට අතිකාල ලබා ගැනීමක් ඔවුන් සිදුකරන නිසා අතිකාල ලබාගන්නා කාලසීමාව තුළදී රාජකාරියේ නිරත වීමට උපදෙස් ලබාදීමට කටයුතු කරන ලෙසයි.

මේ අනුව මින් ඉදිරියට රෝහලේ නිර්වින්දන වෛද්‍යවරුන්ට අතිකාල ලබා ගැනීමට අවශ්‍ය වන්නේ නම් අති කාලකාල සීමාව රෝහල තුළ සක්‍රීයව රැඳී සිටීමට සිදුවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

රෝහලේ ප්‍රමාණවත් වෛද්‍යවරුන් නොමැති වීමද උපකරණ නිසි පරිදි ක්‍රියාත්මක තත්ත්වය නොමැති වීමද නිසා කළුතර මාතෘ හා ළමා රෝහලේ ආරම්භයද මොරටුව වෛද්‍ය පීඨයේ අවසන් වසර සිසුන්ට සායනික පුහුණු ආරම්භයද මේ වන විට අර්බුදයකට ලක්ව ඇත.

නිර්වින්දන වෛද්‍යවරුන්ට අති කාල කාලසීමාව තුළදී රෝහලේ රැඳී සිටීමට උපදෙස් ලබා යම් චක්‍රලේඛයක් නිකුත් වුවහොත් එය දිවයින පුරා සියලු වෛද්‍යවරුන්ට බලපෑමක් එල්ල කළ හැකි බව ආරංචි මාර්ග පවසයි.

Related posts

විදුලිය ඇනහිටීම් හේතුවෙන් ආපනශාලා හිමියන්ට මූල්‍යමය වශයෙන් පාඩු

Mohamed Dilsad

අධිවේගී මාර්ගය නිසා ගෙදර බල්ලට, එහා ගෙදරට යන්න බැරිනම් මුහුද මැද පාරක් හැදුවාම එහා පැත්තේ මාලු මෙහා පැත්තට යන්නේ කොහොමද ..?

Editor O

தெதுருஓயா நீர்த்தேக்கத்தின் 4 வான் கதவுகள் திறப்பு

Mohamed Dilsad

Leave a Comment