Trending Newsඑසැන පුවත්දේශීය

වරෙන්තුව අත්හිටුවන ලෙස රාජිත, අධිකරණයෙන් ඉල්ලයි.

අල්ලස් කොමිෂම විසින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව තමන්ව අත් අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර ඇති වරෙන්තුව තාවකාලිකව අත්හිටුවන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට මෝසමක් ඉදිරිපත් කර තිබේ.

එම මෝසම අද (18) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි ජයතුංග මහත්මිය හමුවේ කැඳවනු ලැබීය.

එය කරුණු තහවුරු කිරීම සඳහා විවෘත අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී මහෙස්ත්‍රාත්වරිය සඳහන් කළේ, අදාළ මෝසම සම්බන්ධයෙන් පැමිණිලිකාර අල්ලස් කොමිෂම අධිකරණයේ පෙනී සිටින අවස්ථාවක එම ඉල්ලීම සිදුකරන ලෙසය.

ඒ අනුව අදාළ මෝසමින් ඉල්ලා සිටින කරුණට අදාළව අධිකරණය නියෝගයක් නිකුත් කළේ නැත.

Related posts

අයිඑම්එෆ් එකඟතා ආරක්ෂා කරමින් ඉදිරි වසර දෙක තුළ ජනතාවගේ බදු බර සැහැල්ලු කරනවා – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

Editor O

‘ඉන්ධන නැව පැමිණීමේ දිනය අපට තහවුරු කළ නොහැක’

Mohamed Dilsad

උද්ධමනය ඉහළ ට

Editor O

Leave a Comment