දේශීය

‘ඉන්ධන නැව පැමිණීමේ දිනය අපට තහවුරු කළ නොහැක’

(UTV | කොළඹ) – බැංකු කටයුතු සහ සැපයුම් කටයුතු වලදී උද්ගතව ඇති හේතුන් මත මෙරටට පැමිණීමට නියමිතව තිබු ඉන්ධන සහ බොර තෙල් රැගත් නෞකාවන් හි පැමිණීමේ නිශ්චිත දිනයන් ප්‍රකාශයට පත් කිරීමට නොහැකි බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර සඳහන් කර සිටිනවා.

මීළඟ ඉන්ධන නැව් මෙරට වරායන් වෙත පැමිණ, ගොඩබෑම් කටයුතු අවසන් වන තෙක් පොදු ප්‍රවාහනය, විදුලිබල උත්පාදනය සහ කර්මාන්ත සඳහා ප්‍රමුඛත්වය දෙමින් ඉන්ධන සැපයීම සිදුකරනු ලබන බවට අමාත්‍යවරයා සඳහන් කර සිටි.

මේ හේතුවෙන් පවතින සීමිත ඩීසල් සහ පෙට්‍රල් තොග ලබන සතිය පුරාවට සීමිත ස්ථාන වෙත බෙදා හරිනබවත් ඉන්ධන සඳහා පෝලිම් ගැසීමෙන් වළකින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි කාංචන විජේසේකර අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියි.

Related posts

තවත් මැතිවරණ පෙරහුරුවක් අද

Mohamed Dilsad

විශ්වවිද්‍යාලය විවෘත කිරීම ගැන අවසන් තීරණය අද

Mohamed Dilsad

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 309 ක් දක්වා ඉහළට

Mohamed Dilsad

Leave a Comment