දේශීය

ඉන්ධන පිරවුම්හල්වල ඇතිවන ගැටුම් වීඩියෝ කරන්නැයි පොලිසියට උපදෙස්

(UTV | කොළඹ) – ඉන්ධන පිරවුම්හල්වල ඇතිවන ගැටුම් වීඩියෝගත කරන ලෙස අදාළ පිරවුම් හල් වෙත ආරක්ෂාව සඳහා යොදවා ඇති පොලිස් නිලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා මේ බව පැවසීය.

එමෙන් ම, එම ගැටුම් පාලනය කරගත නොහැකි අවස්ථාවලදී ඉහළ පොලිස් නිලධාරීන් අමතා අමතර නිලධාරීන්ගේ සහය ලබා ගන්නා ලෙස ද ඔවුන් වෙත උපදෙස් ලබා දී ඇත.

ඒ අනුව එම ස්ථානවල ගැටුම් ඇති කරන පුද්ගලයින් හඳුනාගෙන ඔවුන්ට එරෙහිව ඉදිරියේදී නීතිමය පියවර ගැනීමට එම දර්ශන යොදා ගැනීම සඳහා මෙම තීරණය ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරට ත් පැවසීය.

Related posts

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 2,138කට උසස්වීම්

Editor O

රිය අනතුරකින් හමුදා සෙබළෙකු මරුට

Mohamed Dilsad

අභිමානවත් 73 වන නිදහස් දිනය අදයි

Mohamed Dilsad

Leave a Comment