Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තුවේ මහා පරිමාණ අලුත්වැඩියාවක්

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහා පරිමාණයෙන් සිදුවන අලුත්වැඩියා කටයුතු මේ වනවිට ආරම්හ කර ඇත.

අමාත්‍යමණ්ඩල අනුමතිය යටතේ, වසර 42කට අධික කාලයකට පසු මෙලස ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සංකීර්ණයේ සිදුවන අලුත්වැඩියා කටයුතු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ උපදෙස් මත සිදුකරනු ලබයි.

ඒ අනුව පාර්ලිමේන්තු සංකීර්ණයේ කොන්ක්‍රීට් වහල මත තිබෙන පස් තට්ටුව ඉවත්කොට අලුත්වැඩියා කිරීමේ කටයුතු මේ දිනවල සිදුවෙමින් පවතී.

එමෙන්ම වැහි පීළි, තඹ දොර පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්ථානය වැසිකිළි පද්ධතිය සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විවේකාගාරය අලුත්වැඩියා කටයුතු මෙලෙස සිදු කෙරේ.

මෙයට පෙර පාර්ලිමේන්තු සංකීර්ණයේ සුළු නඩත්තු කටයුතු සම්බන්ධිකරණ ඉංජිනේරු දෙපාර්තමේන්තුව මගින් සිදු කළද මෙම මහා පරිමාණ අලුත්වැඩියා කටයුතු ශ්‍රී ලංකා යුධ හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් සිදු කරනු ලබයි.

Related posts

පර්පචුවල් ට්‍රෙෂරීස් ගිණුමකින් මුදල් මුදාහරින ලෙසට අධිකරණය දන්වයි

Mohamed Dilsad

ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් 30 දෙනෙකුට විශේෂ දැනුම්දීමක්

Editor O

‘செய்கின்றார்களும் இல்லை , செய்ய விடுகின்றார்களும் இல்லை’ மாந்தை மேற்கு பிரதேச சபை உறுப்பினர்கள் விசனம்!

Mohamed Dilsad

Leave a Comment