එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් රූපවාහිනී, ගුවන්විදුලි හෝ සමාජ මාධ්‍ය මඟින් කරනු ලබන වැඩසටහනකට යම් නියෝජිතයෙකු හෝ මන්ත්‍රීවරයෙකු සම්බන්ධ වන්නේ නම් ඒ සඳහා පක්ෂයේ මහ ලේකම්ගේ අවසරය ලබාගත යුතුු බව එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ නිවේදනයක සඳහන්. .
ඊට පරිබාහිරව කිසියම් පුද්ගලයෙකු සම්බන්ධ කර ගන්නේ නම් එක්සත් ජාතික පක්ෂය ඒ සම්බන්ධයෙන් කිසිදු වගකීමකට නොබැදෙන බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තලතා අතු කෝරාල මහත්මිය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

