Trending Newsඑසැන පුවත්දේශීය

ළමයි අතර මී උණ රෝගය ඉහළ යෑමේ අවධානමක්

මාරාන්තික මී උණ රෝගය මේ වනවිට හිස ඔසවමින් තිබෙන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි. අද (11) පෙරවරුවේ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව හෙළි කළේය.

වෛද්‍යවරයා වැඩිදුරත් පවසා සිටියේ, මී උණ රෝගය බොහෝ විට වැළඳෙන්නේ මඩේ බැසීම හේතුවෙන් බවය.

විශේෂයෙන් මෙම කාලසීමාව පාසල් නිවාඩු කාලය බවත්, ළමුන් වැඩි වශයෙන් සරුංගල් යැවීමට වෙල්යායන් කරා යෑම මෙලෙස මී උණ වැඩිවීමට ප්‍රධාන වශයෙන් බලපාන බවහ හෙතෙම සඳහන් කළේය.

වෛද්‍ය දීපල් පෙරේරා මහතා තවදුරත් පවසා සිටියේ, උණ රෝගය පහක් හයක් පමණ පවතී නම් එය මී උණ රෝගය විය හැකි බවය.

ඇස් රතු පාට හෝ කහ පාට වීම, බඩ රිදීම, මුත්‍රා තද කහ පාටට පිටවීම මෙහි රෝග ලක්ෂණ ලෙස ඔහු සඳහන් කළේය.

මෙම මී උණ රෝගී තත්ත්වයට ප්‍රතිකාර තිබුණද, ප්‍රවේශම් විය යුතු බවද ඔහු පැවසීය.

මෙම රෝග තත්ත්වය වකුගඩු රෝග ආසාදනය සිදුවීමට ඉඩකඩ තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.

Related posts

அதிகூடிய ஓட்டங்களைக் குவித்து ஆப்கானிஸ்தான் வரலாற்று சாதனை

Mohamed Dilsad

புதிய அரசியல் அமைப்பு தொடர்பில் ஐக்கிய தேசிய கட்சி, ஸ்ரீலங்கா சுதந்திர கட்சி இன்று சந்திப்பு

Mohamed Dilsad

මහින්ද රාජපක්ෂ මහත්තයා උදේට නැගිට්ට ගමන් කරන්න ඕන දේ ඇමති තලතා කියයි

Mohamed Dilsad

Leave a Comment