Trending Newsඑසැන පුවත්දේශීයප්‍රමුඛ පුවත 1

හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට. පෙත්සමක්

ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට. පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

එහි වග උත්තරකරු ලෙස නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම්කර තිබේ. හිටපු ජනාධිපතිවරුන්ට නීතියෙන් හිමිවී තිබෙන හිමිකම් අවලංගු කිරීම සඳහා ආණ්ඩුව විසින් මෙම පනත් කෙටුම්පත ඉකුත් 07 වනදා පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කර ඇතැයි පෙත්සම්කරු කියා සිටී.

යෝජිත පනත් කෙටුම්පතේ 01 සිට 04 දක්වා වගන්තිවලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන බලය බෙදීමේ සිද්ධාන්තය උල්ලංඝනය වීමක් සිදුවන බවත් මෙම පෙත්සමෙන් පෙන්වා දී ඇත.

ඊට අමතරව අදාළ පනත් කෙටුම්පතේ අන්තර්ගත වගන්ති එකකින් හෝ කිහිපයකින් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන ස්වෛරීභාවය සහ ජනතා පරමාධිපත්‍යය උල්ලංඝනය කිරීමක් සිදුවන බවත් පෙත්සමෙන් තවත් චෝදනාවක් එල්ල කර තිබේ.

සමස්තයක් වශයෙන් ගත් කළ යෝජිත පනත් කෙටුම්පතේ වගන්තිවලින් සමස්ථ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් මූලික හරයන් උල්ලංඝනය වීමක් සිදුවන බව පෙත්සම්කරු චෝදනා කර සිටී.

යෝජිත පනත් කෙටුම්පත හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන 1, 3, 4 සහ 12(1) ව්‍යවස්ථාවන්හි සඳහන් මූලික මිනිස් අයිතිවාසිකම් සෘජුවම උල්ලංඝනය වන බව ඔහු චෝදනා කළේය.

ඒ අනුව අදාළ පනත් කෙටුම්පතේ ප්‍රශ්නගත වගන්ති සම්මත කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතර ඡන්දයකින් අනුමත වී එය ජනමත විචාරණයකින්ද අනුමත විය යුතු බවට නිගමනයක් නිකුත් කරන්නැයි පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටී

Related posts

இந்திய கப்பல் வெள்ள நிவாரண பொருட்களுடன் இலங்கை வந்தடைந்தது

Mohamed Dilsad

හදිසි ජනාධිපතිවරණයකට සුදානම් නැත…

Mohamed Dilsad

Control price on white sugar & chicken removed

Mohamed Dilsad

Leave a Comment