Trending Newsඑසැන පුවත්දේශීය

අලි දෙදෙනෙකුගේ මළ සිරුරු හමුවෙයි.

වෙඩි තබා ඝාතනය කරන ලද වන අලි දෙදෙනකුගේ සිරුරු කහටගස්දිගිලිය, පැරකුම්පුර, වහගහපු වැව පිහිටි හේන් ඉඩමක තිබී හමුවී ඇතැයි පොලීසිය කියයි.

මීට මාස එකහමාරකට පමණ ඉහත දී මෙම වන අලි දෙදෙනා මියගොස් ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 5-10 අතර වයසැති ඇතින්නක් සහ අලියෙකු වන අතර අනුරාධපුර පණ්ඩුල වැව වනජීවී පශු වෛද්‍ය නිලධාරිවරයා විසින් සිරුරු සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය කළ අතර, වෙඩි වැදීමෙන් අලි දෙදෙනා මියගොස් ඇති බවට එහිදී අනාවරණය වී ඇත.

Related posts

ගඟට වැටුණු පොලිස් නිලධාරියෙකු කිඹුලෙකු ඩැහැගෙන යයි

Mohamed Dilsad

සියලුම බන්ධනාගාර වලට අමුත්තන් පැමිණීම තහනම් කෙරේ

Mohamed Dilsad

කලාප 8කට පැය 06ක විදුලි කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment