Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

ගාසා නගරයේ අල්-ෂිෆා රෝහල අසළ ට එල්ල වූ ප්‍රහාරයකින් මාධ්‍යවේදීන් 05ක් මියයයි

ඊශ්‍රායලය විසින් ගාසා නගරයේ අල්-ෂිෆා රෝහල අසළ මාධ්‍යවේදීන් සිටි කූඩාරමකට එල්ල කරන ලද ප්‍රහාරයකින් මාධ්‍යවේදීන් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදේශ මාධ්‍ය වාර්තාකරයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අල් ජසීරා මාධ්‍යවේදී අනස් අල්-ෂරීෆ් ඇතුළු මොහොමඩ් කිරිකේ සහ කැමරා ශිල්පීන් වන ඊබ්‍රාහිම් සාහර්, මොහොමඩ් නූෆල් සහ මොමෙන් අලිවා යන අය බවයි .

ඊශ්‍රායලය විසින් ගාසා නගරයේ නැගෙනහිර සහ දකුණු ප්‍රදේශවලට දැඩි ප්‍රහාර එල්ල කරන බව අල් ජසීරා වාර්තාකරුවෙකු වන අල්-ෂරීෆ්, සිය X සමාජ මාධ්‍ය පිටුවෙහි සටහනක් තබා තිබේ.

මේ අතර මෙම ඝාතන සම්බන්ධයෙන් “ප්‍රකාශනයේ නිදහසට එල්ල වූ තවත් ප්‍රසිද්ධ ප්‍රහාරයක්” ලෙස අල් ජසීරා මාධ්‍ය ජාලය ප්‍රකාශයක් නිකුත් කර තිබෙන අතර, අල් ජසීරා වාර්තාකරු හනී මහමුද් පැවසුවේය.

Related posts

சமூக வலைத்தளங்கள் தடை செய்யப்படாது

Mohamed Dilsad

මූල්‍ය ආයතනයක් හරහා රු කෝටි 990ක වංචාවක්

Mohamed Dilsad

සීතල බණ්ඩාරවෙල සලිත කරවමින් පාසල් දැරියකට සිදුවූ දේ

Mohamed Dilsad

Leave a Comment