Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තු මන්ත්‍රී රක්ෂණයට ආණ්ඩුව කරපු දේ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වූ සමූහ රක්ෂණාවරණ සීමාව සංශෝධනය කිරීමට මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව 2025.10.09 වන දිනෙන් ආරම්භ  වීමට නියමිත රක්ෂණ වර්ෂයේ සිට ඉදිරියට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සඳහා වන රක්ෂණාවරණයේ ප්‍රතිලාභ රුපියල් 250,000කට සීමා කර ඇත.

එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සඳහා වර්ෂයක් සඳහා රුපියල් මිලියනයක උපරිම රක්ෂණාවරණයකට යටත්වන අයුරින් සමූහ රක්ෂණාවරණයක් ක්‍රියාත්මක කිරීමට 2023.05.15 වන දින කැබිනට් අනුමැතිය හිමිව තිබුණි. ඒ අනුව පසුගිය කාලය තුළ එම රක්ෂණාවරණය සලසා දී ඇත.

මෙවර අයවැය ඉදිරිපත් කරන අවස්ථාවේදී ජනාධිපතිවරයා විසින් එම රක්ෂණාවරණ සීමාව රුපියල් 250,000 දක්වා අඩුකිරීමට යෝජනා කළේය.

Related posts

பிரதமர் தலைமையில் ஆறாயிரம் குடும்பங்களுக்கு சமுர்த்தி வழங்கும் திட்டம் இன்று ஆரம்பம்

Mohamed Dilsad

දිනේෂ්ට සහ ජොන්ස්ටන්ට පාර්ලිමේන්තු තනතුරු

Mohamed Dilsad

ACMC submits statements at CID on assassination plot against its Leader

Mohamed Dilsad

Leave a Comment