Trending Newsඑසැන පුවත්දේශීය

බෞද්ධ කටයුතු කොමසාරිස්, ධූරයෙන් නෙරපයි

බෞද්ධ කටයුතු කොමසාරිස් ප්‍රේමසිරි රත්නායක එම ධූරයෙන් ඉවත් කළ බව බුද්ධ ශාසන හා ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක සඳහන් කරයි.

රාජකාරිය නිසි පරිදි ඉටු නොකිරීම සහ ඔහු සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා සැලකිල්ලට ගෙන මෙම තීන්දුව ගත් බව ආණ්ඩුවේ ආරංචි මාර්ග සඳහන් කරන අතර ඔහු බෞද්ධ කටයුතු කොමසාරිස් ධුරයට පත්වූයේ 2024 වසරේ ජනවාරි මාසයේදීය.

පසුගිය කාලයේ ඔහු සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා සැලකිල්ලට ගෙන ධූරයෙන් ඉවත් කිරීමට තීරණය කළ බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

වැඩ බලන බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා ලෙස මේ වන විට කසුන් වැල්ලහේවා පත් කර තිබෙන බවට වාර්තා වේ.

Related posts

මැතිවරණ පෙත්සම් 6 වන දිනයටත් සලකා බලයි

Mohamed Dilsad

Thehan and Oneli bag U16 single titles

Mohamed Dilsad

Main suspect in Kandy incident arrested

Mohamed Dilsad

Leave a Comment