Trending Newsඑසැන පුවත්දේශීය

උක් තොග අතර තිබී හමුවූ ගල ගැන, පාර්ලිමේන්තු නාමල් රාජපක්ෂගෙන් ප්‍රකාශයක්

සෙවනගල සීනි කර්මාන්තශාලාවේ උක් තොග අතර සඟවා තිබූ කිලෝග්‍රෑම් 170ක් බරැති ගල තම හෙලිකොප්ටරය මගින් ප්‍රවාහනය කර, පසුව තම ලැම්බෝගිනි සහ අශ්ව කරත්තයක් යොදාගෙන කර්මාන්තශාලාවට ‌ගෙන ගිය බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

මේ සඳහා අවශ්‍ය මුදල් උගන්ඩාවේ සඟවා තිබූ මුදල් බව ද ඔහු ප්‍රකාශ කළේය.

කර්මාන්තශාලාවට කළ නිරීක්ෂණ චාරිකාවකදී ඒ් මහතා මෙම අදහස් පළ කළේය.

තවද, රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේ, වත්මන් රජය රටේ කර්මාන්ත විනාශ කරමින්, තම හිතවත් ව්‍යාපාරිකයන්ට වාසි සැලසීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් සිටින බවයි.

මේ තත්ත්වය සෙවනගල සීනි කර්මාන්තශාලාවට පමණක් නොව, හම්බන්තොට ලුණු කර්මාන්තශාලාවට ද බලපා ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

நாட்டின் பெரும்பாலான பகுதிகளில் இன்றும் இடியுடன் கூடிய மழை

Mohamed Dilsad

மாகாண சபைத் தேர்தல்கள் உடனடியாக நடத்தப்பட வேண்டும்- பெஃப்ரல் அமைப்பு

Mohamed Dilsad

අත්‍යවශ්‍ය භාණ්ඩ සඟවා ඇත්දැයි සොයා වැටලීම්

Mohamed Dilsad

Leave a Comment