Trending Newsඑසැන පුවත්දේශීය

අර්ථවත් වෙ⁣ළඳ සහ ආරක්ෂක ගිවිසුම්” පිළිබඳ විනිවිද භාවයක් අවශ්‍යයි – නාමල් රාජපක්ෂ

“අර්ථවත් වෙ⁣ළඳ සහ ආරක්ෂක ගිවිසුම්” පිළිබඳව විනිවිද භාවයක් අවශ්‍ය යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකා කරයි.

තීරු බදු අඩුකර ගැනීම ට ඇමරිකාව සමඟ ඇති කරගත් “අර්ථවත් වෙළඳ සහ ආරක්ෂක ගිවිසුම්” පිළිබඳ විනිවිද භාවයක් සහිතව කටයුතු කිරීමේ වැදගත්පකම මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

ඇමරිකාවට කරනු ලබන අපනයන මත පැනවූ අන්‍යෝන්‍ය තීරු බද්ද 44% සිට 20% දක්වා අඩුකර ගැනීම පිළිබඳ සතුට පළ කරන අතර ඒ සඳහා ඇතිකර ගත් එකඟතා වහා රටට හෙළි කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ට්විටර් පණිවිඩයක් තබමින් පවසයි.

එවැනි ගිවිසුම් මගින් රටේ ස්වෛරීභාවයට හානිකිරීමට ඉඩ දිය නොහැකි බවයි ඔහු පවසන්නේ.

“ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ ඇති කරගන්නා සියළු ගිවිසුම් විනිවිදභාවයෙන් යුක්ත විය යුතුය. එමෙන්ම එම ගිවිසුම් රටේ ස්වෛරීභාවයට හානි නොකරන බවද සහතික කර ගත යුතුය. එබැවින්, එක්සත් ජනපදය සමග ඇති කරගත් එකගතා පිළිබදව මහජනතාව දැනුවත් කළ යුතුයි.” යනුවෙන් රාජපක්ෂ මහතා කියාසිටියි.

Related posts

ප්ලේන්ටියක මිල එකවරම දෙගුණයක් වෙයි

Mohamed Dilsad

”පොහොසත් රටේ” ලොකු ලූණු කිලෝව රු. 500යි. පොල් ගෙඩිය රු. 220යි.

Editor O

NBRO issues landslide warning to Matale and Kandy

Mohamed Dilsad

Leave a Comment