දේශීය

ප්ලේන්ටියක මිල එකවරම දෙගුණයක් වෙයි

(UTV | කොළඹ) – ආපනශාලා හිමියන් ප්ලේන්ටියක මිල රුපියල් 60 ක් දක්වා ඉහළ දමා ඇත.

සීනි සහ ගෑස් මිල ගණන් ඉහළ යෑම හේතුවෙන් ප්ලේන්ටියක මිල ඉහළ දැමීමට සිදුවූ බව ආපනශාලා හිමියෝ පවසති.

පසුගිය කාලයේ ප්ලේන්ටියක් රුපියල් 30කට අලෙවි කරනු ලැබූ අතර, එකවරම මිල දෙගුණ කිරීම නිසා පාරිභෝගික ජනතාව අසීරුතාවට පත්ව සිටිති.

ආහාර මිල ගණන් ඉහළ යෑම හේතුවෙන් ආපනශාලාවලට පැමිණෙන පාරිභෝගිකයන් ප්‍රමාණය විශාල ලෙස පහත වැටී ඇතැයිද ආපනශාලා හිමියෝ කියා සිටිති.

Related posts

පොල්තෙල් වලට වෙනත් තෙල් මිශ්‍ර කිරීම තහනම් කරමින් නව ගැසට්ටුවක් [GAZETTE]

Mohamed Dilsad

”විප්ලවයේ” අර්ථය තඹුත්තේගම දී ජනාධිපති පැහැදිලි කරයි.

Editor O

පාර්ලිමේන්තු රැස්වීම් සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

Leave a Comment