Trending Newsඑසැන පුවත්දේශීය

මිළඟ ජනාධිපති කවුද…?

මීළඟ ජනාධිපති සම්බන්ධයෙන් විශාල සංවාදයක් ගොඩනැගී තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා ප්‍රකාශ කරයි.

හිටපු මන්ත්‍රීවරයා එම අදහස්ශ්‍ පළ කළේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ අද (30) පැවති මාධ්‍ය හමුවේදීය.

එදිරිමාන්න මහතා මෙසේද කීවේය. මෙරට දේශපාලනය ආපස්සට කියවගෙන යද්දී අතීතයට සාපේක්ෂව ඉතාම මෑත කාලීන දේශපාලන ප්‍රවණතාවන්ට සාපේක්ෂව බැලුවහම අපි මීට පෙර කවදාවත්ම දැකපු නැති තරමේ රටේ ඊළඟ ජනාධිපතිවරයා සම්බන්ධයෙන් ලොකු සංවාදයක් ජාතික තලයේ දැන් ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඔබට ඇහෙනවද කිසිම තැනක ඊළඟ සැරේ ජනාධිපති අනුර කුමාර දිසානායක කියල කවුරුහරි කියනවා. අවම වශයෙන් ප්‍රධාන විපක්ෂය ඊළඟ ආණ්ඩුව ගනියි කියල කවුරුහරි කියනවා ඔබට ඇහිලා තියෙනවද? හැබැයි නාමල් රාජපක්ෂ ඊළඟ ජනාධිපති කියන සංවාදය අපි හදපු එකක් නෙවෙයි ස්වාභාවිකව එවැනි සංවාදයක් රට ඇතුලේ නිර්මාණය වෙලා තියෙනවා. එය කවුරුන් විසින් හෝ කෘතිමව නිර්මාණය කළ එකක් නෙවෙයි ඒක ස්වභාවික ලෙස ගොඩනැගිච්ච සමාජ මතයක්” යැයි ද කීවේය.

Related posts

மீண்டும் தள்ளிப்போகும் ரஜினியின் 2.0

Mohamed Dilsad

ஆசிய றக்பி சம்பியன்ஷிப் போட்டி அடுத்த மாதம் சீனாவில்

Mohamed Dilsad

A/L result sheets available from today

Mohamed Dilsad

Leave a Comment