Trending Newsඑසැන පුවත්දේශීය

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයයේ, දෙවෙනි කුඹල් පෙරහර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යෙය් දෙවන කුඹල් පෙරහැර වීදි සංචාරය කිරීම අද (31) රාත්‍රී යෙදෙන සුබ ආරම්භ කිරීමට නියමිතයි.

පස්වරු 07.01ට යෙදෙන සුබ මොහොතින් නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන සිව් මහ දේවාල පෙරහැර දළදා පෙරහැර එක්ව වීදි සංචාරයට එක්වේ. දළඳා වීදිය, ඩී.එස්.සේනානායක වීදිය ඔස්සේ ගමන් කොට රජ වීදියෙන් ශ්‍රී දළදා මාලිගාව වෙත ගෙවැදීම සිදුවේ.

පළමු කුඹල් පෙරහැර ඊයේ (30) වීදි සංචාරය කළ අතර සධාකුත පෙරහැර කරඩුව වැඩම කරන ලද්දේ ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තියට අයත් ඉන්දිරාා ඇතු විසිනි. කෝට්ටේ රජ මහ විහාරයේ කෝට්ටේ රාජා ඇතු සහ දළදා මාලිගාවේ ඇත් පන්තියට අයත් මියන් රාජා ඇතු දෑලේ ගමන් ගත්හ.

දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පෙරහැර ගමනට එක්වූ අතර පළමු කුඹල් පෙරහැර නැරඹීම සඳහා දෙස් විදෙස් සංචාරකයන් විශාල පිරිසක් සහභාගීවීය. පළමු කුඹල් පෙරහැර නැරඹීමෙන් කුඩා දරුවන්ගේ වස් දොස් දුරුවන බවට පවතින මතය හේතුවෙන් කුඩා දරුවන් රැසක් පළමු පෙරහැර නැරඹීම සඳහා සහභාගී කොට තිබිණි.

Related posts

Supreme Court commences hearing on PC elections

Mohamed Dilsad

Entire Mexican city’s Police force probed

Mohamed Dilsad

අම්බලන්ගොඩ අපරාධ මැඩලීමට අලුත් වැඩක්

Mohamed Dilsad

Leave a Comment