Trending Newsඑසැන පුවත්දේශීය

ව්‍යවස්ථාදායක සභාවේ සංයුතිය වෙනස් කිරීමට ආණ්ඩුවේ උත්සාහයක්..?

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට පෙර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධනයක් ගෙන ඒම සම්බන්ධයෙන් ආණ්ඩුව අභ්‍යන්තරයේ සාකච්ඡාවක් නිර්මාණය වී ඇතැයි වාර්තා වේ.

ආණ්ඩුකරණය සම්බන්ධයෙන් ප්‍රායෝගිකව මතුව ඇති ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් මතුව ඇති සංවාදවලදී මෙම ගැටලු නව ව්‍යවස්ථාවක් හරහා ඉවත් කිරීමට සැලකිය යුතු කාලයක් ගතවන බැවින් ව්‍යවස්ථාවට සංශෝධනයක් එක් කිරීම පිළිබඳව මෙසේ අවධානය යොමුව ඇතැයි ආරංචි මාර්ග පැවසීය.

වාර්තා වන අන්දමට මෙම ව්‍යවස්ථා සංශෝධන කඩිනම් කිරීමට ආසන්නතම හේතුවක් වී ඇත්තේ, රජයේ ප්‍රධාන තනතුරු කිහිපයක් සඳහා පුද්ගලයන් පත්කර ගැනීමේදී ව්‍යවස්ථාදායක සභාව මගින් බාධාවන් එල්ල වීම ය.

හිටපු අභියාචනාධිකරණ වැඩ බලන සභාපති මොහොමඩ් ලෆාර් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත් කිරීම, විගණකාධිපති ධූරය සඳහා ද කළ යෝජනාවක් ද ප්‍රතික්ෂේප විය.

මේ හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් හරහා එම සභාවේ සංයුතිය වෙනස් කිරීම පිළිබඳව රජයේ ඇතැමුන් මත පළ කර ඇති බව ද ආරංචි මාර්ග සඳහන් කළේ ය.

රජයට පාර්ලිමේන්තුවේ පවතින අතිමහත් බහුතර බලය භාවිත කර එම සංශෝධන කඩිනමින් කරවා ගත හැකි බව පෙන්වා දී ඇති ඔවුන් මේ සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධ නීති විශාරදයන්ගෙන් ද අදහස් විමසා ඇතැයි ද ආරංචි මාර්ග පැවසීය.

– මව්බිම

Related posts

US condemns attacks against Mosques in Sri Lanka

Mohamed Dilsad

UAE Philanthropist Donates 120 Houses to Northern IDPS

Mohamed Dilsad

අම්ෆන් සුළි කුණාටුවෙන් ලංකාවට ඇතිවූ බලපෑම ක්‍රමයෙන් පහව යයි

Mohamed Dilsad

Leave a Comment