Trending Newsඑසැන පුවත්දේශීය

රෝහිතගේ බෑනා රිමාන්ඩ් : ජගත්ගේ පුතාට ඇප

අත්අඩංගුවට ගනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ බෑනා වන ධනුෂ්ක වීරක්කොඩි එළැඹෙන අගෝස්තු 1වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මතුගම මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

ව්‍යාජ දත්ත ඇතුළත්කර ලියාපදිංචි කරන ලද ජීප් රථ ගණුදෙනුවකට අදාළව සිදුකරන විමර්ශනයකට අදාළව ඔහු අද (24) මතුගම අධිකරණය වෙත භාර විය.

මේ අතර ආන්දෝලනාත්මක මෙම ජීප් රථ ගණුදෙනුවට අදාළවම අත්අඩංගුවට ගෙන සිටි සමගි ජනබලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාගේ පුත්‍රයා වන රසික විතාන මහතා ඇප මත මුදාහැර තිබේ. රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මතය.

Related posts

සංචරණ නීති කැඩුවොත් වසර 6 ක සිර දඩුවම්

Mohamed Dilsad

ඊයේ දිනය තුළ හඳුනා ගත් ආසාදිතයින් ගණන 61ක්

Mohamed Dilsad

Sri Lanka unhappy with India’s budget allocation, keen for review

Mohamed Dilsad

Leave a Comment