දේශීය

සංචරණ නීති කැඩුවොත් වසර 6 ක සිර දඩුවම්

(UTV | කොළඹ) – නිරෝධායන හෝ සංචරණ නීති කඩකරමින් කටයුතු කරන පුද්ගලයන්ට විරුද්ධව පවතින නීතිය යටතේ වසර 6 කට නොවැඩි සිර දඬුවමක් හෝ රුපියල් 10,000 ක දඩයක් හෝ එම දඬුවම් දෙකම ලබාදීමේ හැකියාව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කරයි.    

සංචාර නීති කඩකරන්නන්ට එරෙහිව නීතිය මෙවර අකුරටම ක්‍රියාත්මක කරන බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රකාශ කළේය .

මේ අතර නිරෝධායන හෝසංචරණ නීති කඩ කරමින් කටයුතු කරන පිරිස් සම්බන්ධයෙන් වහාම ළඟම ඇති පොලිසියට දැනුම් දෙන්නැයි පොලිස් මූලස්ථානය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

එවැනි පැමිණිලි රැසක් දිවයිනේ පොලිස් ස්ථානවලට දැනටමත් ලැබී ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි .නිරෝධායන නීතිය උල්ලංඝනය කළ 448 දෙනෙකු පෙරේදා දිනයේදී අත්අඩංගුවට ගෙන ඇත.

Related posts

පළාත් පාලන මැතිවරණයට දින නියම වෙයි

Mohamed Dilsad

ආණ්ඩුව විසින් මිලියන 80,000ක ණයක් ගනී

Editor O

හිටපු ඇමති මර්වින් සිල්වා රිමාන්ඩ්

Editor O

Leave a Comment