දේශීය

සේරුවාවිල නාහිමියෝ කොවිඩ් වැළඳී ඉන්දියාවේදී අපවත් වෙති

(UTV | ඉන්දියාව) – සේරුවාවිල රජමහා විහාරය ඇතුළු විහාර ගණයෙහි අධිපති අමරපුර ශ්‍රී කල්‍යාණවංශ මහා නිකායේ නැගෙනහිර තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝනායක ගෞරව ශාස්ත්‍රවේදී, ප්‍රවචන කීර්ති ශ්‍රී වාගීශ්වර, හිටපු කථිකාචාර්ය මුංහේනේ මෙත්තාරාම නාහිමියෝ කොවිඩ් වෛරසය වැළඳීමෙන් ඉන්දියාවේදී අපවත් වූහ.   

සුවිසල් ශාසනික හා සමාජීය මෙහෙවරක නිරත වූ උන්වහන්සේ අපවත් වන විට හැට වැනි වියෙහි වැඩ විසූහ.

උන්වහන්සේ සැත්කමක් සඳහා ඉන්දියාවට වැඩම කොට එහි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස අපවත්වී ඇත.

Related posts

කතරගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අත්අඩංගුවට

Editor O

සංචරණ සීමා හේතුවෙන් පන්දහස ලබාදීමේදී ආදායම් අහිමිවූවන්ට ප්‍රමුඛතාවය

Mohamed Dilsad

ඩේසි ෆොරස්ට් අත්අඩංගුවට

Editor O

Leave a Comment