Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ව්‍යාපාරික

ක්‍රිප්ටෝ මුදල් ගැන මහ බැංකුවේ අවධානය

ශ්‍රී ලංකාව තුළ ක්‍රිප්ටෝ මුදල් (cryptocurrency) හුවමාරුවක් සිදුවන්නේ නම්, ඒ සඳහා විධිමත් නියාමන ක්‍රමවේදයක් සකස් කිරීම සම්බන්ධයෙන් ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කරමින් සිටින බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඊයේ (23) ප්‍රකාශ කළේය.

ඔහු මෙසේ පැවසුවේ මහ බැංකුවේ පැවති සිව්වැනි මුදල් ප්‍රතිපත්ති විවරණය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවකදී, මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

“සියලුම මූල්‍ය හුවමාරුවල තොරතුරු ලබා ගැනීමේ ක්‍රමවේදයක් පවතිනවා. ක්‍රිප්ටෝ කරන්සි හුවමාරුවක් රට තුළ සිදුවෙනවා නම් යම් කිසි ආකාරයේ ලියාපදිංචියක් හෝ තොරතුරු ලබාගැනීමේ ක්‍රමවේදයක අවශ්‍යතාව දැන් පැනනැගී තිබෙනවා.

එය කොහොමද කරන්නේ කියන කාරණය සම්බන්ධව රජය සමග අපි සාකච්ඡා කරගෙන යනවා. ඒ ගැන කරුණු සොයා බලා කටයුතු කරන්න කාර්ය සාධක බළකායක් පිහිටුවීම ගැනත් අපි යෝජනා කර තිබෙනවා.

මොනතරම් ප්‍රමාණයකට මේ ව්‍යාපාරය තිබෙනවාද, තිබෙනවා නම් ඒ සම්බන්ධව යම්කිසි ක්‍රමවේදයක් සකස් කිරීමේ අවශ්‍යතාව පවතිනවා.

තහනම් නොකරන්නේ නම් කොහොමද නියාමනය කරන්නේ, ලියාපදිංචි කරන්නේ, තොරතුරු ලබාගන්නේ යන කාරණා සම්බන්ධව රජය ප්‍රතිපත්තියක් ලෙස තීරණය කරන්න ඕනේ. මෙය නීති රැසක් සමග සොයා බැලිය යුත්තේ’’

Related posts

தல அஜித்திற்க்கு ஓவியம் மூலம் வாழ்த்து கூறிய இலங்கை பெண்

Mohamed Dilsad

‘Enterprise Sri Lanka’ Exhibition in Monaragala on 29

Mohamed Dilsad

දුඹුරු සීනි ආනයනය කරන්න සූදානමක්

Mohamed Dilsad

Leave a Comment