Trending Newsඑසැන පුවත්දේශීය

වන අලින්ට වෙඩි තියන්නේ මීට පෙර පාලකයන් ලබාදී ඇති තුවක්කුවලින්… – පරිසර ඇමති ධම්මික

වන අලින් ඝාතනය සිදු කරන්නේ වර්තමාන රජයෙන් බෙදන ලද තුවක් තුළින් බවට චෝදනා එල්ල වුවත් නව රජය පත් වූ පසු එකම තුවක්කුවක් හෝ ගොවි ජනතාවට ලබා දී නැති බවද පරිසර ඇමති ධම්මික පටබැදි මහතා පැවසීය.

මෙම වන අදින්ට වෙඩි තැබීම සිදුකරන්නේ මීට පෙර පාලකයන් විසින් ලබා දුන් තුවක් තුළින් බවද පැවසූ ඔහු ඊට අදාළ සංවිධානාත්මක ක්‍රියාවලියක් ඇතැයි තොරතුරු ලැබී ඇති බවද සඳහන් කළේය.

ඒ අනුව මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් කරන ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇති බවත් හෙතෙම කියා සිටියි.

අලි ඇතුන්ට වෙඩි තිබීමේදී එකම ආකාරයට දණහිසෙන් පහළට වෙඩි තබන බවත් දුක් විඳ මිය යෑමට සලස්වා එය භාවිතා කරමින් යූටියුබ් නාලිකා වලට වීඩියෝ මුදා හරිමින් සිටින බවත් ඔහු පවසයි.

ඒවා භාවිතා කරමින් පටු දේශපාලන උවමනාවන් භාවිතා සඳහා ජනතාව කුපිත කරන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් ඔහු පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේය.

Related posts

அரச ஊடகங்களை ஆராய்வதற்கு குழு

Mohamed Dilsad

Southern – Uva Governors portfolios switched

Mohamed Dilsad

රජයෙන් පාසල් සිසුන්ගේ බෑග් පිරික්සන්න යයි

Mohamed Dilsad

Leave a Comment