Trending Newsඑසැන පුවත්දේශීය

වැඩබලන ජනාධිපති ලෙස, ප්‍රකාශයට පත් කළ හදිසි නීති රෙගුලාසිවලින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වෙලා – ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්

අරගලකරුවන් පාලනය කිරීම සඳහා 2022 වසරේ ජූලි මස 17 වනදා එවක වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මහජන ආරක්ෂක පනත යටතේ රටපුරා ප්‍රකාශයට පත් කරනු ලැබූ හදිසි නීති රෙගුලාසි තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

වැඩබලන ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා මහජන ආරක්ෂක පනතේ 02 වගන්තිය යටතේ නිකුත් කරනු ලැබු හදිසි නීති රෙගුලාසි අත්තනෝමතික මෙන්ම බල ශූන්‍ය බව ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු තීන්දු කළේය. අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු, යසන්ත කෝදාගොඩ යන බහුතර විනිසුරුවරූ විසින් මෙම තීන්දුව ලබා දුන්නේය.

එහෙත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේ, වැඩබලන ජනාධිපතිවරයාගේ හදිසි නීති ප්‍රකාශය තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය නොවන බවය.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරියක වන අම්බිගා සත්කුණනාදන් සහ ලිබරල් තරුණ ව්‍යාපාරය විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර තිබුණි. පෙත්සම්කරුවන්ට නඩු ගාස්තු ගෙවන ලෙසත් රජයට නියම කෙරුණි.

Related posts

මධ්‍යස්ථාන 41 ක පුද්ගලයින් රැසක් තවදුරටත් නිරෝධායනයේ

Mohamed Dilsad

දෙහි කිලෝව රුපියල් 2000යි

Editor O

බදුල්ල මහ නගර සභාවේ පාලනය විශේෂ කොමසාරිස්වයෙකු යටතට

Mohamed Dilsad

Leave a Comment