Trending Newsඑසැන පුවත්දේශීය

රෝහිණී කවිරත්නගේ ප්‍රකාශයකින් පාර්ලිමේන්තුව රත්වෙයි.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය විසින් අද (23) පෙරවරුවේ අතුරු ප්‍රශ්නයක් අසන අවස්ථාවේදී කථානායකවරයා ඉලක්ක කර ගනිමින් සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් ඇති වුණි.

ජාතික ආරක්ෂාව ගැන දැන් ගැටළුවක් නැති නිසා, ඔබතුමන්ලා, උතුරේ කඳුවරු ඉවත් කරනවා, පොලීසි ඉවත් කරනවා, මහා මාර්ග විවෘත කරනවා. හුදකලා මරා ගැනීම් ඇරණු කොට ජාතික ආරක්ෂාවට ගැටළුවක් නැහැ කියලා ඔබතුමන්ලා කියනවා. බංකුවක් අරගෙන එන්න කිව්වා ආරක්ෂාව ගැන ටියුෂන් ගන්න.

කතානායක : ඔබතුමියගේ ප්‍රශ්නය අහන්න.

රෝහිනී කවිරත්න මන්ත්‍රීවරිය : මේ ටික කියන්නේ නැතුව ප්‍රශ්නය අහන්න බැහැ. පොඩ්ඩක් අහගෙන ඉන්න. ජාතික ආරක්ෂාව ගැන ප්‍රශ්නයක් නැති වීම ගැන විස්තරයක් කිරීම නරකද’ මේ විදියයේ තත්ත්වයක් තියෙද්දී නුවර වැවඅසළ මාර්ගය වසා දැමීම පිළිබඳව විකල්ප මාර්ගයක් අම්පිටිය ප්‍රදේශයෙන් සැකසීමට යෝජනාවක් ඉදිරිපත් වුණා. නුවර වැවරවුමේ වාහන ධාවනය වන නිසා පරිසර දූෂණයක් වෙනවා කියනවා. විකල්ප මාර්ගය ඉදිකිරීමේ යෝජනාව ක්‍රියාත්මක වෙනවාද?

මන්ත්‍රීවරිය අතුරු ප්‍රශ්නය ඇසීමට විනාඩි 4කට වැඩි කාලයක් ගෙන ඇති බවට කථානායකවරයා පාර්ලිමේන්තුවේ දී සඳහන් කළේය. එම අවස්ථාවේ දී “අනේ පොඩ්ඩක් කට වහගෙන අහගෙන ඉන්නකෝ” යනුවෙන්  මන්ත්‍රීවරිය ප්‍රකාශ කිරීමත් සමග මෙම උණුසුම් තත්ත්වය ඇති විය.

Related posts

කොළඹ සුරාසැල් සහ මාංශ අලෙවි සැල් හෙට වැසේ

Mohamed Dilsad

බාලවයස්කාර දැරියක් ලිංගික කටයුතු සඳහා අලෙවි කිරීමේ චෝදනා මත තවත් සැකකරුවන් 4 අත්අඩංගුවට

Mohamed Dilsad

Seven-member Judge Bench to consider FR petition against IGP, former Defence Sec.

Mohamed Dilsad

Leave a Comment