Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් රක්ෂණ සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනයට

සීමාසහිත ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන්කරණ රක්ෂණ ඔප්පු සහ ගුවන්කරණ රක්ෂණ සේවා සඳහා වන කොන්ත්‍රාත්තු පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

සීමාසහිත ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා 2025-08-11 සිට 2026-08-10 දින දක්වා වූ ගුවන්තරණ රක්ෂණ ඔප්පු 04 ක් ලබා ගැනීම සඳහා සහ 2025-08-11 සිට 2028-08-10 දින දක්වා වූ ගුවන් තරණ රක්ෂණ සේවා සපයා ගැනීම සඳහා සීමිත ජාතික තරඟකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය යටතේ ලංසු කැඳවා තිබිණ.

ඒ සඳහා ලංසු තුනක් (03) ඉදිරිපත් ව තිබිණ. ලංසු ඇගයීමේ කමිටුවේ සහ ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත පදනම්ව එකී කොන්ත්‍රාත්තු ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ලිමිටඩ් වෙත ප්‍රදානය කිරීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා  ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දී ඇත.

Related posts

Rafael Nadal pulls out of Brisbane International

Mohamed Dilsad

Russian Grand Prix: Valtteri Bottas wins first ever F1 race

Mohamed Dilsad

සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් අද ජනපති කාර්යාලයට

Mohamed Dilsad

Leave a Comment