Trending Newsඑසැන පුවත්දේශීය

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න අත්අඩංගුවට ගන්නේ නැහැ. – අල්ලස් කොමිෂම

අල්ලස් කොමිසම විසින් කරන විමර්ශනවලට අදාළව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මෙම අවස්ථාවේදී අත්අඩංගුවට ගැනීමේ අවශ්‍යතාවයක් මතු නොවන බව අල්ලස් කොමිෂම, කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට අද (22) දැනුම් දුන්නේය. 

අල්ලස් කොමිෂම විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා රොහාන් ප්‍රේමරත්න විසින් ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප පෙත්සමක් අද කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිෂම වෙනුවෙන් පෙනී සිටි නිලධාරියා මේ බව දැනුම් දුන්නේය. 

ඒ අනුව මහෙස්ත්‍රාත්වරයා පෙත්සම්කාර ප්‍රේමරත්න මහතාගේ නීතිඥවරයාට දැනුම් දුන්නේ, හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාට අල්ලස් කොමිෂම හමුවට ගොස් ප්‍රකාශයක් ලබාදීමට කටයුතු කරන ලෙසය. 

Related posts

නේපාලයේ සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

பாடசாலைகளை ஒருவாரம் தாமதித்து ஆரம்பிக்குமாறு கோரிக்கை

Mohamed Dilsad

රාජ්‍ය සේවයේ නොදන්වා දින 05ක් සේවයට වාර්තා නොකළොත් සේවය හැර යාමේ නිවේදනය

Editor O

Leave a Comment