Trending Newsඑසැන පුවත්දේශීය

ඉන්දීය නළු රවි මොහාන් සහ ගායිකා කෙනිෂා ෆ්‍රැන්සිස්, විජිත හේරත් හමුවෙයි

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ ඉන්දීය නළු,නිෂ්පාදක රවි මොහාන් සහ ගායිකා කෙනිෂා ෆ්‍රැන්සිස් මහතා හමුවුණා. මෙම හමුව සිදුවුණේ ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේදී. ශ්‍රී ලංකාවේ චිත්‍රපට කර්මාන්තය වැඩි දියුණු කිරීම සහ ජාත්‍යන්තර සහයෝගීතාවය තුළින් දේශීය චිත්‍රපට කර්මාන්ත සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම කෙරෙහි මෙම සාකච්ඡාව අවධානය යොමු කළේය.

විදේශීය චිත්‍රපට නිෂ්පාදන ශ්‍රී ලංකාවට ආකර්ෂණය කර ගැනීම අරමුණු කරගත් ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ සඳහා රජයේ කැපවීම අමාත්‍ය හේරත් මහතා මෙහිදී පැහැදිලිකර තිබෙනවා.

සංචාරක ව්‍යාපාරය, සංස්කෘතික හුවමාරුව සහ ආර්ථික වර්ධනය ප්‍රවර්ධනය කිරීමේදී සිනමාවේ සහ සංගීතයේ කාර්යභාරය සාකච්ඡාවට ලක්ව ඇති අතර ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති සුදත් මහදිවුල්වැව මහතා ද ඒ අවස්ථාවට එක්වූ බවයි වාර්ථා වන්නේ.

Related posts

Mahinda applied for MCC grant in 2014 – Marikkar reveals

Mohamed Dilsad

soldier killed another injured in Ariyalai

Mohamed Dilsad

අද සිට පාර්ලිමේන්තුව නරඹන්න ජනතාවට අවස්ථාවක්

Mohamed Dilsad

Leave a Comment