Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ගැන අලුත්ම තොරතුර මෙන්න

මහ බැංකු බැඳුම්කර වංචාවට චෝදනා එල්ල වී සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්, දැනට සිංගප්පූරුවේ “විස්ඩම් ඕක්” නම් ප්‍රමුඛ පෙළේ ආයෝජන සමාගමක ඉහළ තනතුරක් දරන බවට රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග පවසයි.

ඔහු මෙම සමාගමේ ආයෝජන විශේෂඥයකු ලෙස කටයුතු කරන බව වාර්තා වේ. ආයතන සහ පුද්ගලයන්ගේ ආයෝජන පාලනය කිරීම, මූල්‍ය සම්පත් කළමනාකරණය, කොටස් වෙළෙඳපොළ සහ බැඳුම්කර ආයෝජන සම්බන්ධ උපදේශන සේවා සැපයීම ඔහුගේ ප්‍රධාන වගකීම් අතර වන බව සමාජ මාධ්‍ය වාර්තා මගින් තහවුරු වේ.

2016 වසරේදී ස්ථාපිත කරන ලද විස්ඩම් ඕක් සමාගම, සිංගප්පූරුව සහ හොංකොං යන නගර කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වේ. දැනට මෙම සමාගම ඇමෙරිකානු ඩොලර් බිලියන 7කට අධික ආයෝජන කළමනාකරණය කරන බව සඳහන් වේ. මහේන්ද්‍රන් මහතා මෙම සමාගමේ සේවය වෙනුවෙන් ජාත්‍යන්තර සම්මාන කිහිපයක් දිනාගෙන ඇති බවද වැඩිදුරටත් වාර්තා වේ.

2016 දී ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ධුරයෙන් ඉවත්ව සිංගප්පූරුවට ගිය මහේන්ද්‍රන් මහතාව බැඳුම්කර වංචාවට අදාළ නඩු කටයුතු සඳහා ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට රජය උත්සාහ කළද, සිංගප්පූරුව මේ දක්වා ඔහු භාරදීම ප්‍රතික්ෂේප කර තිබේ. මේ හේතුවෙන්, ඔහු කිසිදු බාධාවකින් තොරව සිංගප්පූරුවේ සිය සේවය දිගටම කරගෙන යයි.

Related posts

ගෙවන්න ඩොලර් නැතුව තෙල් නැව් 4ක් වරායේ

Mohamed Dilsad

கொழும்பின் சில பகுதிகளில் நாளை மின்வெட்டு

Mohamed Dilsad

ශෂීන්ද්‍ර රාජපක්ෂ අත්අඩංගුවට

Editor O

Leave a Comment