Trending Newsඑසැන පුවත්දේශීය

ආණ්ඩුව එරෙහි ශක්තිමත් විපක්ෂයක් ගොඩනැගිය යුතු බව සජබ ප්‍රභලයෝ පෙන්වා දෙති.

ආණ්ඩුවට එරෙහි ශක්තිමත් විපක්ෂයක් ලෙස කටයුතු කිරීමට අවශ්‍ය නම් ජාතික මට්ටමේ වැඩපිළිවෙළක අවශ්‍යතාව සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨයින් පෙන්වා දී තිබේ. ඔවුන් පවසන්නේ වර්තමානයේ පවතින විපක්ෂ භූමිකාවේ දේශපාලන හිඩැස පිරවීමට නම් සමගි ජන බලවේගය එක්සත් ජාතික පක්ෂය සමග ඒකාබද්ධව කටයුතු කළ යුතු බවය.

සමගි ජන බලවේගයේ කළමණාකරණ කමිටුව පසුගියදා එම පක්ෂ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වී ඇති අතර එහිදී වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ. අදාළ සාකච්ඡා පැය 02කට ආසන්න කාලයක් පවත්වා ඇති අතර එළැඹෙන බදාදා දිනයේදීද යළි සමගි ජන බලවේගයේ කළමනාකරන කමිටුව රැස්වීමට නියමිතව ඇත.

ජාතික මට්ටමේ වැඩපිළිවෙළක් හරහා පමණක් ග්‍රාමීය ජනතාව දේශපාලන වැඩපිළිවෙළකට ඒකාබද්ධ කරගත යුතු බව පක්ෂ ජ්‍යෙෂ්ඨයින් පෙන්වා දී තිබේ. කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂය සමග එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගය මේ දක්වාත් නිෂ්චිත සාකච්ඡාවකට හෝ අවසන් එකඟතාවයකට පැමිණ නොමැති බවද සඳහන් වෙයි.

එමෙන්ම ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව නව සංවිධායකවරුන් පත් කිරීම සහ දැනට අකාර්යක්ෂමව කටයුතු කරන සංවිධායකවරුන් ඉවත් කිරීම සිදුකළ යුතු බවද පක්ෂ ජ්‍යෙෂ්ඨයින් පෙන්වා දී ඇත.

Related posts

தேர்தல் பணி – சுமார் 50 இற்கு மேற்பட்டோருக்கு உணவு ஒவ்வாமை

Mohamed Dilsad

SLC Anti-Corruption Unit detains five Indians over match-fixing fears

Mohamed Dilsad

பாராளுமன்றம் வெள்ளிகிழமை(21) வரை ஒத்திவைப்பு

Mohamed Dilsad

Leave a Comment