Trending Newsඑසැන පුවත්දේශීය

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රධාන වැව් රක්ෂිත විසි දෙකක නාන තටාක සහිත හෝටල් ඉදිකරලා

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රධාන වැව් රක්ෂිත විසි දෙකක නාන තටාක සහිත හෝටල් ඉදිකර ඇති දේශපාලනඥයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට රජය සූදානම් වෙයි. ඇතැම් ස්ථානවල තටාක සහ හෝටල් ඉදිකර ඇත්තේ පවතින නීති රීතිවලට පටහැනිව බව මේ වන විට හඳුනාගෙන තිබේ.

මෙම ප්‍රදේශවල ඇතැම් දේශපාලනඥයින් ආණ්ඩු බලය යොදාගෙන වැව් රක්ෂිත බලහත්කාරයෙන් තමන් සතු කරගෙන මෙවැනි ඉදිකිරීම් සිදුකර ඇති බව අනාවරණය කරගෙන ඇත.

මේ සම්බන්ධව පසුගියදා පැවති අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී වැඩි අවධානයක් යොමු වූ අතර එහිදී වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ කියා සිටියේ රක්ෂිත තුළ නාන තටාක සහිත හෝටල් ඉදිකර ඇත්තේ දේශපාලනඥයන් බවයි.

මෙලෙස අනවසර ඉදිකිරීම් සිදු කර තිබෙන වැව් 22 හී මායිම් සැකසීම පිළිබඳව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ මැනුම් දෙපාර්තමේන්තුව එකඟතාවයකට පැමිණ කටයුතු කරගෙන යන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

මෙලෙස වැව් රක්ෂිත දේශපාලනඥයින් බලහත්කාරයෙන් අල්ලාගෙනන අනවසර ඉදිකිරීම් සිදුකර ඇත්තේ ඇතැම් නිලධාරීන්ගේ ද අනුදැනුම මත බව නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ මහතා වැඩිදුරටත් අනාවරණය කළේය.

Related posts

බේබදු සමාජය එක මිටට : අඩු මිලට මත්පැන්

Editor O

ඩිජිටල් රියදුරු බලපත්‍රයකට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

Karnataka’s Malpe on alert for terrorists from Sri Lanka

Mohamed Dilsad

Leave a Comment