Trending Newsඑසැන පුවත්දේශීය

හන්තානේ ඉඩමක් ගැන පාර්ලිමේන්තු මන්ත්‍රීනී චමින්ද්‍රාණි කිරිඇල්ලට අභූත චෝදනා කළ මාලිමා මන්ත්‍රීට වැඩ වරදී

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට අයත් අක්කර 43ක හන්තාන ඉඩමක් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද්‍රාණි කිරිඇල්ල මහත්මිය විසින්, දේශපාලන බලපෑම් යොදා නීති විරෝධී ලෙස අත්පත්කරගෙන ඇති බවට, ජාතික ජන බල වේගයේ මන්ත්‍රිවරයෙක් කෝප් කමිටුවේදී, 18 දා කළ චෝදනාව සම්පූර්ණයෙන් අසත්‍ය සහ ජනතාව නොමග යවන චෝදනාවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ චමින්ද්‍රාණි කිරිඇල්ල මහත්මිය ප්‍රකාශ කරන්නීය. මන්ත්‍රීවරිය සිය ‌‌ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඒ් ගැන පැහැදිලි කිරීමක් කර ඇත. ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරයා විසින් පළ කළ අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් තිබෙන බවද මන්ත්‍රීවරිය සඳහන් කරන්නීය.

මන්ත්‍රීවරිය සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහන උපුටා ගැනීම :

කෝප් කමිටුව ඉදිරියේ, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට අයත් අක්කර 43ක හන්තාන ඉඩමක් මාගේ නමට, දේශපාලන බලපෑම් යොදා නීති විරෝධී ලෙස පවරා ඇති බවට ජාතික ජන බල වේගයේ මන්ත්‍රිවරයෙක් චෝදනා එල්ල කරන ලදී. ඉන් අන්තුරුව, සමාජ මාධ්‍ය හරහා මේ අසත්‍ය පුවත තව දුරටත් විකෘති කර සංසරණය වෙමින් පවතී.

ප්‍රථමයෙන්, මාගේ වරප්‍රසාද උල්ලංඝනය කරමින්, සත්‍ය තොරතුරු සහ නීතිමය තත්වය අධ්‍යනය නොකර සහ වසන් කරමින් හුදෙක් දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් මාගේ කීර්ති නාමය හානී කිරීමට ගත් උත්සාහය පිළිකුල් සහගතය.

මා හට, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට හෝ රජයට අයත් වූ කිසිඳු ඉඩමක අයිතියක් නොමැත.

9 වන පාර්ලිමේන්තුවේදී, දැනට බන්ධනාගාර ගතව සිටින මහින්දානන්ද අළුත්ගමගේ හිටපු අමාත්‍ය තුමා, දේශපාලන වාසි ලබා ගැනීම මුල් කර ගෙන, cope කමිටුට මගේ මව වන ශාමේන් මහවලතැන්න කිරිඇල්ල (C Kiriella) මහත්මියට, අවුරුදු 20ක අධික කාලයකට උඩදී, අභියාචනාධිකරණයේ (නඩු අංක 1042/98) එකඟතාවයකට අනුව, නීතිපතිතුමාගේ උපදෙස් සහ අනුමැතියට අනුව හන්තානේ ලැබුනු විකල්ප ඉඩමක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී.

මෙහි සත්‍ය කරුණු මෙසේය. එස්.ඩී.මහවලතැන්න වන මාගේ මවගේ මුත්තා රාසගල වත්ත 1896.01.01 දින සීමා සහිත බලංගොඩ වැවිළි සමාගමට අවුරුදු 99 ක බදු දෙන ලදී. එම බදු ගිවිසුම 1994.01.01 දින අවසන් වූ අතර නැවත එය මවගේ පමුලේ සාමාජිකයන් ඇතුළු උරුමක්කාරයන්ට හිමි විය යුතු නමුත්, උරුමක්කාරයන්ගේ අයිතිය නොතකා එවකට රජය එම වත්ත සීමා සහිත බලංගොඩ වැවිළි සමාගමට තව දුරටත් බදු දෙන ලදී. එම අවස්ථාවේදී රාසගල වත්ත නැවත ලබා ගැනීමට මාගේ මව ඇතුළු රාසගල වත්තේ උරුමක්කාරයන් 1042/98 නඩුව 1998 දී ගොනු කරන ලද අතර අභියාචනාධිකරණයේ එකඟතාවයකට අනුව සහ නීතිපතිතුමාගේ අනුමැතියට අනුව හන්තානේ පිහිටි ඉඩමක් විකල්ප ඉඩමක් වශයෙන් ලබා ගැනීමට මාගේ මව සග පවුලේ සාමාජිකයන් එකග විය.

මෙසේ නඩු තීන්දුවකින් ලැබුණු ඉඩමේ අයිතිය විවේචනය කිරිම අධිකරණයට අපහාස කිරීමක් වන අතර, සත්‍ය විකෘති කිරීමට එරෙහිව ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මම බලාපොරොත්තු වෙමි.

Related posts

මෙරට කොරෝනා ආසාදනය වී ප්‍රතිකාර ලබන සංඛ්‍යාව අඩු වේ

Mohamed Dilsad

சில பகுதிகளில் நீர் விநியோகம் தடை

Mohamed Dilsad

Two persons nabbed in Wattala with heroin

Mohamed Dilsad

Leave a Comment